හලෝ යාලුවනේ. දන්න විදියට හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ගොඩක් කාලය අරගෙන Course එකක් හැදුව PHP ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්. ඉතින් ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකට ගිහින් ඉගෙන ගන්න ඕන අය ඒව ඉගෙන ගන්න. සබ් ඕන නෑ, ලයික් ඕනෙත් නෑ, ඔයාල මොනා හරි දෙයක් ඉගෙන ගත්තොත් ඒ ඇති. :blush: :blush:
පාඩම් අංක 01
මෙතනදි මම PHP වල මූලිකම දේවල් ටික කතා කරනව. ඒ කියන්නේ අපට PHP වලට අවතීර්න වීමට අවශ්‍ය Basic ටික. මෙතනදි මම එක වීඩියෝ එකකින් කොටස් 11ක් ආවරනය කරනව. PHP ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට මේ පාඩම ගොඩාක් වටිනව. :fire:
Video Content
#01 Hello Word
#02 String Variable
#03 Integer Variable
#04 Data Array
#05 1Operators
#06 Conditional
#07 All about Loops
#08 While Loop
#09 Do While Loop
#10 For Loop
#11 Function
Video 1: https://youtu.be/DkvR2kz2rY0?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
පාඩම් අංක 02
මේ වීඩියෝ එකෙන් මම ඔයාලට PHP යොදාගෙන Database එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙනව. මේක PHP වල ඉතා වටිනා පාඩමක්. Dynamic Website Develope කරනකොට, User Registration එකක් හදනකොට සහ තවත් බොහෝ දෑ සදහා අපිට Database නැතුවම බෑ. Database වර්ග ගනනාවක් තිබුනත් මම මෙතනදි හැමෝම දන්න mySQL ගැන තමා කියල දෙන්නේ.
PHP සහ MySQL Database System ගැන ඉගෙන ගන්න තියෙන හොදම ක්‍රමය තමා CRUD Method එක ගැන ඉගෙන ගැනීම. මොකක්ද මේ CRUD කියන්නේ. CRUD කියන්නේ පිලිවෙලින් Create,Read,Update,Delete යන වචන වල මුල් අකුරු හතරේ එකතුවයි. ඉතින් අපි දත්ත පද්දතියක් එක්ක වැඩ කරගෙන යනකොට අපිට අනිවාර්යෙන්ම මේ CRUD මෙතඩ් එක ඕන වෙනව. මේ වීඩියෝ එකෙන් මම CRUD මෙතඩ් එක ගැන මම දන්න හැම දේම ඔයාලට කිසිම අඩුවක් නැතිව දන්න සිංහලෙන් කියල දෙනව. :fire:
Video 2: https://youtu.be/_LWuz34coSU?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
පාඩම් අංක 03
මේ පාඩමෙන් මම ඔයාලට සරලව Dynamic Contents හසුරවන හැටි සරලව කියල දෙනව.මෙතනදි මම කියල දෙන්න යන්නේ HTML සහ Bootstrap පාවිච්චි කරල හදාගන්න Registration Form එකක තියෙන Data ඉතා පහසුවෙන් PHP සහ MySQL පාවිච්චි කරල Database එකක කොහොමද Save කරන්නේ කියල. ඒ වාගේම වීඩියෝ එකේ අවසානයේ මම මේ විදිහට Save කරගත්තු Data Bootstrap වලින් හදාගත්තු Table එකක View කරන විදිහත් මම මෙතනදි කරල පෙන්නනව.:fire:
Video 3: https://youtu.be/gYAcE2DhCkE?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG
ගොඩක් කාලය අරගෙන හදපු වීඩියෝ ටිකක්, බලල මොනා හරි ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.!