Hi,
මම මේ සයිට් එකට අලුත්... අහම්බෙන් දැක්කෙ මෙහෙම සයිට් එකක් තියෙනව කියල. ගොඩක් වටිනව මෙහෙම දෙයක් තියෙන එක. මම මේ Topic එක දැකල මගේ අදහසක් එකතු කරන්න හිතුව. මම ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ PHP වලට අකමැති developers ලා ඉන්නව කියල. මමත් PHP වලින් development ගොඩක් කරනව. Server side application development වලින් ඉතාම හොඳ තැනක ඉන්නව තාමත් PHP. මගේ අත්දැකීම් අනුව, PHP ඉගෙනීමට මූලිකව සරල වුනත්, එය සංකීර්ණ development දක්වා ගෙනියන්න පුළුවන් ඉතාම හොඳ Lanugage එකක්. ඒ නිසා, PHP ඉගෙනගත්ත කියල කවදාවත් අපතේ යන්නෙ නැහැ. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්. තාමත් Content Management Systems, Complex Web Applications, e-Commerce, Payment gateway..... වගේ වැඩි ප්‍රමාණයක් ධාවනය වෙන්නේ PHP ආධාරයෙන්. අලුත් තාක්ෂණික ක්‍රම දැන් අැවිත් තියෙනව තමයි. නමුත් PHP කියන්නේ තාමත් ඉතාමත් ඉහලින් තියෙන ඉතාම හොඳ මට්ටමක development language එකක්. ඉතාම සංකීර්ණ application පවා හදන්න PHP පාවිච්චි කරන්න පුළුවන්.
PHP ඉගෙනගෙන තේරුමක් නෑ කියන එකට මූලික හේතුව විදිහට මම හිතන්නෙ, දැන් ගොඩක් අය නැඹුරු වෙමින් ඉන්නෙ Short Scripting Methods වලට නිසා. මොකද දැන් එන ගොඩක් ඒවාගේ මූලික layer එක develop වෙලා තියෙනව... scripting අඩු වෙලා තියෙනව, ඒ ගැන හිතන්නවත්... අමුතුවෙන් develop කරන්නවත් ඕනෙ වෙන්නෙ නැහැ. නමුත්, තමන්ගේම ක්‍රමවේදයකට, තමන්ගේම සැලසුමකට, තමන්ගේම base layer එකක් develop කරගෙන පොදු system එකකට වෙනස්ව develop කරනව නම් PHP කියන්නෙ ඒකට හොඳ development language එකක්. මගේ අත්දැකීම් වලට අනුව මගේ අදහස නම්, PHP ඉගෙන ගත්තා කියල කවදාවත් ඒක අපතේ යන්නෙ නැහැ තාම. ඒහෙම වෙන්න නම් තව සෑහෙන කාලයක් යන්න වෙනව. දැන් කාලෙ හැටියට අලුතින් එන හැම language එකක් ම දැනගන්න හැමෝටම පුළුවන් වෙන්ෙනෙ නැහැ. ඒත් තමන්ගේ development skills වැඩි දියුණු කරගන්න, අලුත්ම තාක්ෂණික ක්‍රමවේද දැනගෙන ඉන්න එක අවශ්‍යයි. ඒකෙ වරදක් නැහැ. ඒ හැම එකකටම පොදුවේ වැදගත් වෙන language එකක් තමයි PHP කියන්නෙ.
කාලයකට පස්සෙ PHP අලුත් version එකක් නිකුත් වෙලා තියෙනව තව අලුත් දේවල් ගොඩක් එක්ක. අලුතින් ඇවිත් තියෙන sever level languages ගොඩක් PHP එක්ක සහ සම්බන්ධයෙන් වැඩ කරන්න පුළුවන්කම පවා තියෙනව. අනිත් එක server එකක ඇති තාක්ෂණික පහසුකම් (server technical capabilities) ඉතාම ලේසියෙන් PHP වලින් හසුරුවන්න හැකියාව තියෙනව අලුත් server languages එක්ක බලද්දි. ඒ විතරක් නෙමෙයි, මේ මෑතක ඉඳන් ජනප්‍රිය වෙමින් තියෙන IoT development වලට පවා සම්බන්ධ කරන්න පුළුවන් හැකියාවත් PHP වලට තියෙනව. Web services develop කරන්නත් ඉතාම හොඳ sever language එකක් විදිහටත්, Web technologies සමග කිසිම ගැටළුවක් නැතුව development කරන්න පුළුවන් හොඳම පහසුම language එක විදිහටත් කියන්න පුළුවන් language එකක් තමයි PHP කියන්නෙ.