හොඳ payment gateway එකක්?
ලංකාවේ payment gateway දෙන ආයතන කීපයක්ම තියෙනවා.
PayHere.lk
DerectPay.lk
Sampath Bank
Hatton National Bank
Commercial Bank
තව app කීපයකුත් තියෙනවා, නම් නම් මතක නෑ.
*(රජයේ බැංකුවලින් නම් අහන්න යන්න එපා IPG කිව්වහම උන් උඩ බිම බලනවා.)
හැබැයි මොකක් උනත් ගන්න ගියහම පට්ට කට්ටක් කන්න වෙනවා, රස්තියාදු ගහන්න වෙනවා, ඒත් වැඩේ කරගන්න පුළුවන්. බිංදුවෙ ඉදලා නැගිටින කෙනෙකුටනම් මේක කරන්න අමාරුයි. උන්ගේ කිසිම සපොර්ට් එකක් නෑ. නමුත් ගානක් වියදම් කරලා වැඩක් පටන් ගන්න කෙනෙකුට IPG එකක් ගන්න පුළුවන්. PayHere.lk සහ DerectPay.lk වලට initial payment නෑ. HNB එකෙන් cash deposit එකක් ඉල්ලනවා.
Posts made by iamprogrammerlk
-
RE: Payment gateway in sri lankaposted in General Discussion
-
RE: HNB Payment Gateway eka use කරන කවුරු හරි ඉන්නවදposted in General Discussion
ලඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා කතා කරන්න. business registation එකක් ඉල්ලනවා. බැංකුවෙන් cash deposit එකක් ඉල්ලනවා. ඒකෙ ප්‍රමාණය තීරණය වෙන්නේ කරන ගනුදෙනු ප්‍රමාණය අනුව. ගිහිපු ගමන් ලක්ෂ පහක් විතර කියාවි. talk කරල අඩු කරගන්න පුළුවන්. මම ලක්ෂ පහක් කියපු එක 60000කට අඩු කරගත්තා. ඒත් මම HNB IPG එක ගත්තෙ නෑ. මම clientට PayHere දාල දුන්නා. හොඳ current account එකක් තියෙනවා නම් deposit එකක් නැතුවම වැඩේ කරගන්න පුළුවන් හැබැයි හොඳට ගනුදෙනු වෙලා තියෙන්න ඕන. කෙලින්ම බැංකු manager ගාවටම යන්න counter එකේ ඉන්න අය IPG ගැන දන්නෙ නෑ. ඔයාගේ විස්තර ඒගොල්ලො අරගනීවි. සතියකින් වගේ ඔයාට call එකක් දේවි බැංකුවෙන් මොනවද අවශ්‍ය කරන documents සහ කරන්න ඕනේ මොනවද කියලා ඒගොල්ලො පැහැදිලි කරාවි. බැංකුවෙන් CRIB(Credit Information Bureau of Sri Lanka) එක check කරනවා. ඒක නිසා ඉල්ලුම් කරන පුද්ගලයා හෝ ආයතනය CRIB එකේ black list වෙලා තියෙන්න බෑ.