Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Build Your Telegram Python Bot ( Sinhala Tutorial )

    AI Programming
    telegram telegrambot python api al bots
    14
    25
    3965
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • MrCentimetre
      MrCentimetre last edited by

      පලවෙනියටම ස්තූතිවන්ත වෙන්න ඕනි Sayumi Amarasinghe අක්කට මේ වගේම Telegram Bot කෙනෙක් JSON වලින් හදන හැටි කියලා දුන්නට :)

      අද මම කියලා දෙන්න යන්නේ ඒ වගේම Telegram Bot කෙනෙක් Python වලින් හදන හැටි 🙃
      අපි පිලිවෙලට මුල ඉදන් වැඩේ කරමු. හොදේ :)

      1. මුලින්ම මේ වැඩේට ඉතිං ඔයා Telegram ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්නෝනි. ඒක මෙන්න මේ ලිංක් එකෙන් කරගන්න පුලුවනි.

      2. Account එකක් හදන වැඩේ නම් මම කියලා දෙන්නේ නෑ.ඒක ඉතිං ඔයා තනියම කරගන්න.තනියම කරගන්නත් එකක් තියෙන්න එපැයි 😜

      3. දැන් ඔයාට උඩින්ම පේන්න තියෙනවා නේද Search Bar එකක්.ඔව් ඔව් ඒක තමයි. අන්න එතන @BotFather ටයිප් කරන්න.

      0_1564143238721_5742435f-3950-40a4-8d7f-87c4e575c51d-image.png

      1. දැන් Start කියන එක Click කරන්න.

      විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේක Python හා සම්බන්ධ වැඩක් නිසා මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් Telegram Desktop ඇප් එක use කරනවා ඇති කියලා. මොකද ඒ හා සම්බන්ධ පිංතූරයි මම දාන්නේ. කොහොමත් Android App එකේ කියලත් වෙනසක් නැහැ. Desktop නොවුනත් මේ පිලිවෙලටම කරන්න.

      0_1564143741746_624b62e9-2434-4ac2-8959-6eeac7b25952-image.png

      1. ඊටපස්සේ /newbot කියන command එක දීලා අලුතෙන් ඔයාගෙම බොටෙක් හදාගන්න ඕනි. එකේදි මුලින්ම ඔයා ඔයාගේ Bot ට නමක් දෙන්න.

      0_1564143969099_c584c825-a362-4d72-bf0f-8a9c586916d7-image.png

      1. දැන් අපේ බොටාට username එකක් දෙන්න ඕනි. එකේදි අවසානෙට bot කියන කොටස එකතු කරන්න. උදාහරණයක් විදිහට ඔයාට ඕනි නම් ඔයාගේ නම දාලා bot කෙනෙක් හදන්න ඒ හදන බොටාට nimsarabot හෝ nimsara_bot වගේ username එකක් දෙන්න පුලුවනි.

      0_1564144193580_ad59e6b5-957f-46d8-b449-1577cebf6a65-image.png

      1. හරි ඔන්න දැන් ඔයාට එයාලගෙන් message එකක් එයි ඔයාගෙ බොටාගේ API Token එකත් එක්කම.මේක තමා අපිට වැදගත්ම කොටස.ඒක කාටවත් දෙන්නවත් නැති කරගන්නවත් එපා හොදේ.
        ආහ් අනිත් එක.මේ token එක try කරන්නත් එපා.මොකද මම ඒක revoke කරලා තියෙන්නේ. :p

      0_1564144374777_64888b39-51fa-4575-a665-86e6ca1b3c00-image.png

      1. දැන් අපි coding වැඩ ටික පටන් ගමූ.මේකට ඕනා Python. අලුත් version එක තියෙනවනම් තවත් හොදයි. කොහොමත් ඒක install කරගන්න එක ඔයාගේ වැඩක්. ඒක Google කරලා හොයලා බලන්න. දැන් ඔයා cmd එක open කරගන්න. cmd කිව්වේ මොකක්ද කියලා නම් අහන්න එපා :p

        දැන් cmd එකේ මෙන්න මෙහෙම ටයිප් කරලා enter ඔබන්න. 👇

                                         pip3 install python-telegram-bot
      

      Install වීම Success නම් වඩේ ගොඩ :) නැත්තම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

      1. මම සම්පූර්ණ code එකම පහලින් දාන්නම්. ඒක python අලුත් file එහෙකට copy කරගන්න. ඒ code එකේ imoprt කරපු libraries ගැන වගේම තව දේවල් ගැන එකින් එක විස්තර කරගන්න ඕනිනම් මේ ලිංක් එකෙන් බලන්න.
      from telegram.ext import Updater, InlineQueryHandler, CommandHandler
      import requests
      import re
      
      def get_url():
          contents = requests.get('https://random.dog/woof.json').json()    
          url = contents['url']
          return url
      
      def bop(bot, update):
          url = get_url()
          chat_id = update.message.chat_id
          bot.send_photo(chat_id=chat_id, photo=url)
      
      def main():
          updater = Updater('YOUR_TOKEN')
          dp = updater.dispatcher
          dp.add_handler(CommandHandler('bop',bop))
          updater.start_polling()
          updater.idle()
      
      if __name__ == '__main__':
          main()
      
      1. ඔන්න ඕකේ තියේ නේද YOUR_TOKEN කියලා කොටසක්.අන්න එතනට ඔයාගේ අර හදාගත්තු බොටාගේ TOKEN එක දාන්න.

      11.හරි දැන් වැඩේ හරි වගේ තමා.දැන් python file එක run කරන්න. මතක් කරලා save කරන්න. නැත්තම් run කරන්න බෑ. 😁

      1. ඕක run වෙලා තියෙද්දිම අර ඔයාට ආපු මැසේජ් එකේ මේ ලිංක් එක ක්ලික් කරලා බොටාව start කරන්න.

      0_1564145447476_335e4054-2ee1-4ddc-8815-6c40d726cfa6-image.png

      1. start කලාට මදි , දැන් එයාට /bop කියලා ටයිප් කරලා මැසේජ් එකක් යවන්න.

      0_1564145598971_68f34649-b6e9-4667-a165-127bb6aeb75e-image.png

      1. දැන් ඔයාට මෙන්න මේ වගේ අගනා බව්වෙක්ගේ ෆොටෝ එකක් එයි. ඔය command එක යවන යවන සැරේට එක එක බව්වන්ගේ ෆොටෝ ගන්න පුලුවන් :p

      0_1564145709404_b87fd920-2157-41f3-9c7e-8c5140a44157-image.png

      එහෙනම් වැඩේ ඉවරයි. ඔයත් මේ වගේ කෙනෙක් හැදුවනම් පහලින් එයාගේ username එක දාන්න. මගේ බව්වෝ බලන්න මේ ලිංක් එකෙන් යන්න :)

      ඔයත් ටෙලිග්‍රෑම් ඉන්නෝ නම් අපේ Channel එකත් එක්ක මේ ලිංක් එකෙන් එකතු වෙන්න 😊

      ඒනම් සුභ දවසක්. මොකක්ම හරි ප්‍රශ්නයක් උනොත් comment එකක් දාන්න. වැඩේ හොද නම් Quote එක Up කරන්න 😉

      1 Reply Last reply Reply Quote 7
      • root
        root Linux Help last edited by

        Fatta bro. Niyameta liyala thiyenawa.

        MrCentimetre 1 Reply Last reply Reply Quote 1
        • sayumihasanjali
          sayumihasanjali last edited by

          Good work ☺️👍🏻Keep it up!!

          MrCentimetre S 3 Replies Last reply Reply Quote 2
          • dev_lak
            dev_lak last edited by

            ftta bro,, keep it up

            MrCentimetre 1 Reply Last reply Reply Quote 1
            • b6
              b6 last edited by

              Uhhh.... Sounds good. If you post in English, You article will get more reach. Because not everyone knows sinhala much. (Including me) :)

              root MrCentimetre 2 Replies Last reply Reply Quote 3
              • Nubelle
                Nubelle Web Development last edited by

                good one thank you bro

                MrCentimetre 1 Reply Last reply Reply Quote 1
                • MrCentimetre
                  MrCentimetre @root last edited by

                  @root Thanks ah :)

                  S 1 Reply Last reply Reply Quote 0
                  • MrCentimetre
                    MrCentimetre @sayumihasanjali last edited by

                    @sayumihasanjali thanks akkiya ara post ekatath :)

                    S 1 Reply Last reply Reply Quote 0
                    • MrCentimetre
                      MrCentimetre @dev_lak last edited by

                      @dev_lak thanku :p

                      1 Reply Last reply Reply Quote 0
                      • root
                        root Linux Help @b6 last edited by

                        @b6 ok someone will translate this to english

                        1 Reply Last reply Reply Quote 1
                        • MrCentimetre
                          MrCentimetre @b6 last edited by

                          @b6 I do not manage English fluently as Sinhala but I will try to write in english for your request :)

                          1 Reply Last reply Reply Quote 0
                          • MrCentimetre
                            MrCentimetre @Nubelle last edited by

                            @Malith thanks :)

                            1 Reply Last reply Reply Quote 0
                            • rachitha
                              rachitha last edited by

                              Good job
                              Thanks brother..

                              1 Reply Last reply Reply Quote 1
                              • imadusanka
                                imadusanka last edited by

                                Thank u mchn

                                1 Reply Last reply Reply Quote 1
                                • Sonali Wijesekara
                                  Sonali Wijesekara last edited by

                                  මට බොට් එක්ක පොඩි දෙයක් දැන ගන්න තියනවා බොට් එක්ක දැන් බටන් එක්කින් ඇතුලට ගියාම යුසර් මොකක් හරි එකක් ගැන දෙයක් ගහලා සෙන්ඩ් දුන්නම ඉට අදල ෆයිල් එක බොට් එක ඩිස්ප්ලේ වෙන්න හදන්න ඔනෙ
                                  මෙහෙම කිව්වොත් දැන් මම පොත්වල pdf වගයක් ටෙලෙගැරැම් එකෙ කොහේ හරි තියලා තියනවා එ වා බොට් එකට ලින්ක් කරලා තියෙනවා කියලා හිතමු දැන් කවුරු හරි යුසර් කෙනෙක් බොට් එකට ඇවිත් එක බටන් එකක් එබුවම මම බොට් එකෙන් මැසෙජ් එකෙක් එනවා පොතේ නම ගහන්න කියලා එතකොට යුසර් නම ගහලා සෙන්ඩ් කරාම එ pdf එක එතන ඩිස්ප්ලේ වෙන්වා ඩවුන්ලොඩ් කර ගන්න උදාහරණ යක් විදිහට කිව්වෙ අ🤣
                                  ඔයවගේ එකක් හදා ගන්න පොඩ්ඩක් කියලා දෙන්වවා ද

                                  1 Reply Last reply Reply Quote 1
                                  • Nubelle
                                    Nubelle Web Development last edited by

                                    @rashmiee do you have any idea ?

                                    1 Reply Last reply Reply Quote 0
                                    • rashmiee
                                      rashmiee last edited by rashmiee

                                      @cody Sry no! I am also looking forward

                                      1 Reply Last reply Reply Quote 1
                                      • Sasanka Dilshan
                                        Sasanka Dilshan last edited by

                                        bro mage cmd eke gahapuwahama enne nane

                                        K 1 Reply Last reply Reply Quote 0
                                        • K
                                          kana800 @Sasanka Dilshan last edited by

                                          @Sasanka-Dilshan thawa podak explain karana oyage problem eka

                                          S 1 Reply Last reply Reply Quote 1
                                          • S
                                            Shehan 0 @sayumihasanjali last edited by

                                            @sayumihasanjali Mata telegram bot ekak hadaganna uwamana wela thiyenawa site ekakata. Pay krnna puluwn. Proffesional widiyata bot ekak lassanata design krla denna puluwan kenekge udau awashyai. Ehema kenek innawanm puluwan ikmanatama mata katha karanna. 0752215723

                                            ciaompe 1 Reply Last reply Reply Quote 0
                                            • 1
                                            • 2
                                            • 1 / 2
                                            • First post
                                              Last post

                                            0
                                            Online

                                            3.7k
                                            Users

                                            1.3k
                                            Topics

                                            5.3k
                                            Posts

                                            • Privacy
                                            • Terms & Conditions
                                            • Donate

                                            © Copyrights and All right reserved Lanka Developers Community

                                            Powered by Axis Technologies (PVT) Ltd

                                            Made with in Sri Lanka

                                            | |