C Programming මුල සිට ඉගෙනගනිමු (part 2 - Variables)
-
සුබ දවසක් ඔයාලට. අපි අද ලෑස්ති වෙන්නේ තවදුරටත් C පිළිබඳ ඉගෙනගන්න. කලින් පෝස්ට් එකේදි මන් ඔයාලට කියලා දුන්නා C වල origin එකයි කොහොමද C programm එකක් code කරන එකයි.
අද මන් බලාපොරොත්තු වෙන්නේ C programming වල එන variables ගැනයි ඒවා ක්‍රියාත්මක වෙන විදිහයි කියලා දෙන්න.
Variables (විචල්‍යයන්)
- සාමාන්‍ය සිංහල විව්යහාරයේදී variable එකක් නැත්තම් විචල්‍යයක් කියලා කියන්නේ යම් කිසි දත්තයක් ගබඩා කරගත් හැකි දෙයකටයි.
උදා -: x = 10 (මෙතන variable එක x වන අතර දත්තය 10 වේ) apples = 5 උස = 172.5 cm name = john
-
මෙම variables වලයි C programming වල එන variables වලයි ලොකු වෙනකක් නෑ. C programming වල variable එකක් කියන්නේ යම්කිසි programm එකක් භාවිතා කර
දත්තයක් ගබඩා කල හැකි memory location එකක්. -
විශේෂත්වය වන්නේ අපේ variable එක අපි විශේෂ කරලා පෙන්නන්න ඕනා එය පූර්ණ සංඛ්‍යාවක්ද, දශම සංඛ්‍යාවක්ද නැත්නම් සංඛ්‍යාත්මක නොවන දෙයක්ද වන බව. එනම් අපි C වල variable වර්ග
තුනක් ගැන කතා කරනවා1. Integers(පූර්ණ සංඛ්‍යා) - short --> -32,768 සිට 32,767 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. - int --> -2,147,483,648 සිට 2,147,483,647 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. - long int --> -9223372036854775808 සිට 9223372036854775807 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. 2. Real Numbers(දශම සංඛ්‍යා) - float --> 1.2E-38 සිට 3.4E+38 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. - double --> 2.3E-308 සිට 1.7E+308 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. - long double --> 3.4E-4932 සිට 1.1E+4932 දක්වා සංඛ්‍යා ගබඩා කර ගත හැකිය. 3. Characters(සංඛ්‍යාත්මක නොවන) - char --> 'k', 'a', '@', '+' වැනි දෑ
-
variable වර්ග ගණනාවක් තිබුනත් අපි ගොඩක් අවස්තා වලදී පාවිච්චි කරන්නේ
int, float, double, char
වර්ග පමණි
මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න --> https://www.tutorialspoint.com/cprogramming/c_data_types.htm
- අපි දැන් කතා කලා variable එකක් විශේෂ කරන්නේ කොහොමද කියලා. අපි දැන් කරන්න හදන්නේ variable එකක් ලිවීමේදී අනුගමනය කල යුතු නීති.
වැරදි නිවැරදි int mymarks int myMarks හෝ int my_marks int 3cars (සංඛ්‍යාවකින් variable එකක් ආරම්භ කල නොහැක) int cars3 int my car(වචන අතර හිස්තැන් තිබිය නොහැක) int my_car හෝ int myCar int float, int return C වල භාවිතා වන වචන ලිවීමට නොහැක විරාම ලකුණු භාවිතා කල නොහැකිය. (underscore(_)) එක හැර.
තවද int Mark හා int mark යනු එකක් නොවේ variable වර්ග දෙකකි.
දැන් අපි variables භාවිතා කරලා programm එකක් ලියමු.
#include<stdio.h> int main(void){ // මෙම ඇල ඉරි දෙකෙන් සිදුවන්නේ මම මේ ලියන එක කමෙන්ට් එකක් ලෙස දිස් වීමයි. programm එක run කරන විට මේ කමෙන්ට්ස් run නොවේ. int age = 23; float price = 10.50; char letter = 'a'; //char variable එකක් භාවිතා කරන විට තනි කොමා යටතේ වචන ලිවිය යුතු වේ. නමුත් මෙමගින් ලිවිය හැක්කේ එක් අකුරක් පමණි char name[20] = "Kalana"; //මෙම char variable එක මගින් අකුරු එකකට වඩා ලිවිය හැකිය. ඔබට ලිවීමට අව්ශය අකුරු ගණන ඉලක්කමෙන් කොටු වරහන් තුල දැක්විය යුතුය. //අපි දැන් මේ ඉලක්කම් printf කිහිපයක් මගින් output කරමු. printf("Age is = %d \n", age); //%d යනු int variable එකේ අගය display කරන නිරූපකයයි. printf("Price is = %f \n", price); //%f යනු float variable එකේ අගය display කරන නිරූපකයයි. printf("Letter is = %c \n", letter); //%c , %s යනු char variable එකේ අගය display කරන නිරූපකයයි. printf("Name is = %s \n", name); /* පේලි එකකට වඩා කමෙන්ට් කල හැකිය */ return 0; }
මේ code එක run කලාම අපිට ලැබෙන output එක වන්නේ.
C programm එකක් windows වල run කරන විදිහ මන් කලින් ලිපියේ සදහන් කලා --> https://bit.ly/2O6rLXR
අමතර දැනුම
//
-: මෙම ලකුණින් කියවෙන්නේ එක් පේලියක් කමෙන්ට් කිරීමට හැකි බවයි./* */
-: මෙම ලකුණින් කියවෙන්නේ පේලි එකකට වඩ කමෙට් කල හැකි බවයි.float
වලදී ඔබට ආසන්න දශම ස්තාන දෙකකට තිබීමට අවශ්‍යනම්%0.2f
යොදන්න.
සාරාංශය
-
C programm වල අප වැඩි වශයෙන් භාවිතා කරන variable types වන්නේ
int, float, double, char
වේ. -
C programm වල නිවැරදිව variable ලියන ආකාරය අපි ඉගෙනගත්තා
-
මේ තියෙන්නේ අපි උදාහරණයක් වශයෙන් ගහපු code එක
#include<stdio.h> int main(void){ int age = 23; float price = 10.50; char letter = 'a'; char name[20] = "Kalana"; printf("Age is = %d \n", age); printf("Price is = %0.2f \n", price); printf("Letter is = %c \n", letter); printf("Name is = %s \n", name); return 0; }
- C programm එකක් windows වල run කරන විදිහ --> https://bit.ly/2O6rLXR
ඔබට අවශ්‍යනම් ඔබේ බ්‍රව්සර් එක හරහා online C programms run කරන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ලින්ක්ස් මන් පහතින් දාන්නම්
- https://www.onlinegdb.com/online_c_compiler
- https://www.tutorialspoint.com/compile_c_online.php
- https://repl.it/languages/c
සරලව මුල ඉදන් C programming ඉගෙන ගන්න පුලුවන් හොදම site දෙකත් මන් දාන්නම්
- https://www.geeksforgeeks.org/c-programming-language/
- https://www.tutorialspoint.com/cprogramming/index.htm
මන් ඊළඟ ලිපියෙන් මේ variables අතර සිද්ධ වෙන operations(+, -, /, *) ගැන කියලා දෙන්නම්.
මම දාන ලිපි කෙටි වැඩීනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තව අඩු පාඩු තියෙනවනම් ඒවත් දාන්න.
-
නියමයි bro දිගටම වැඩේ කරමු .
-
supiri bro
-
නියමයි බ්‍රෝ