C Programming මුල සිට ඉගෙනගනිමු (part 8 - Switch Statement)
-
සුභ දවසක් වේවා ඔයාලට. අද ම්න් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ C Programming වල එන Switch Statement එක ගැනයි. Switch Statement එක කියන්නේ අපි කලින් කතා කරපු
if-else statement එකට සමාන දෙයකි. මෙහිදීද කරන්නේ අප ගත් තීරණයක් හරිද වැරදිද කියලා සොයා බැලීමයි.අපි දැන් බලමු Switch Statement එකේ ආකෘතිය මොන වගේ එකක්ද කියලා.
switch(variable) { case condition1 : //codes //codes break; case condition2 : //codes //codes break; default : //codes //codes break; }
-
switch(variable)
-: මෙහිදී සිදුවන්නේ අපට පරීක්ශා කිරීමට සිදුවන variable එකswitch
එකක් තුල store කර ගැනීමයි. එසේ කල විට අපටif-else
වගේ නැවත නැවත එම
variable එක ලිවීමට අව්ශ්ය නොවේ. -
case condition1 : //codes
-: මෙහිදී අප කරන්නේ අප ඇතුලත් කරපු දත්තය සත්‍ය හෝ අසත්‍යදැයි බැලීමයි. සත්‍ය නම් අපගේ//codes
ටික execute වන අතර අසත්‍යනම් ඊලග
case
එක execute වේ. මෙය හරියටif-else
වල එනif
එකට හා elseif` එකට සමාන වේන් -
default : //codes
-: මෙය හරියටමif-else
වල එනelse
වලට සමාන වේ. කිසිමcase
එකක් සත්‍ය නොවේනම් default එක ක්‍රියාත්මක වේ. මෙයට කිසිවිටකත්
condition එකක් නැත. -
break;
-: මෙය යොදන්නේcase
හාdefault
සියල්ලම එකවර execute වීම වැලැක්වීමටයි. මෙය යෙදුවේ නැති වුවහොත්case
හාdefault
සියල්ලන්ගේම ඇති codes
run වේ. මෙය මගින් කිසියම්case
එකක් සත්‍ය වුවහොත් එමcase
එක පමණක් run වී සම්පූර්ණswitch(){}
එකෙන් අපව එලියට ගෙන යයි.
Switch Statement
භාවිත කිරීමේදී අප නීති කිහිපයක් අනුගමනය කලයුතු වනවා.switch(variable)
මෙහි එන variable එක සෑම විටම integer හෝ character එකක් විය යුතු වනවා. එය කිසිවිටකත් float විය නොහැකිය.case condition :
මෙහි එන condition එකත් සෑම විටම integer හෝ character එකක් විය යුතු වනවා.case condition :
මෙහි එන condition භාවිතා කල හැක්කේ switch එකක් තුල පමණි.break;
අනිවාර්ය අංගයක් නොවන අතර එය භාවිතා කරන්නේ. එකවරcase
කිහිපයක් run වීම වැලැක්වීමටයි.
මන් කිව්ව ගොඩක් දේවල් පැහැදිලි වෙයි මේ උදාහරණයෙන්.
Example -: Input any number from the keyboard. After that check the following using switch statement
- number == 25 , print "number is equal to 25"
- number == 50 , print "number is equal to 50"
- number == 75 , print "number is equal to 75"
- else, print "Your number is not equal to 25, 50 or 75"
write a C program to fulfill this conditions.
මෙහිදී කියන්නේ කිසියම් සංඛ්‍යාවක් ඇතුලත් කල විට එය 25, 50, 75 ට සමානනම් සමාන ලෙසත් සමාන නොවේනම් සමාන නොවේ ලෙසත් output කල යුතු බවයි.
#include <stdio.h> int main() { int number; printf("Enter a number = "); //කිසියම් සංඛ්‍යාවක් ඇතුලත් කිරීම. scanf("%d",&number); switch(number) { case 25 : printf("Number is equal to 25"); //ඇතුලත් කල සංඛ්‍යාව 25ට සමානනම් break; case 50 : printf("Number is equal to 50");//ඇතුලත් කල සංඛ්‍යාව 50ට සමානනම් break; case 75 : printf("Number is equal to 75");//ඇතුලත් කල සංඛ්‍යාව 75ට සමානනම් break; default : printf("Number is not equal to 25, 50 or 75");//ඇතුලත් කල සංඛ්‍යාව 25, 50, 75 ට සමාන නොවේනම් break; } return 0; }
Output
First run -: Enter a number = 25 Number is equal to 25 Second run -: Enter a number = 50 Number is equal to 50 Third run -: Enter a number = 75 Number is equal to 75 Fourth run -: Enter a number = 100 Number is not equal to 25, 50 or 75
අපි දැන් බලමු
break;
නැතුව මෙම code එක run කලාම ලැබෙන output එක මොකක්ද කියලා#include <stdio.h> int main() { int number; printf("enter a number = "); scanf("%d",&number); switch(number) { case 25 : printf("\nNumber is equal to 25"); //break; යොදා නැත case 50 : printf("\nNumber is equal to 50"); case 75 : printf("\nNumber is equal to 75"); default : printf("\nNumber is not equal to 25, 50 or 75"); } return 0; }
Output
First run -: Enter a number = 25 Number is equal to 25 Number is equal to 50 Number is equal to 75 Number is not equal to 25, 50 or 75 Second run -: Enter a number = 50 Number is equal to 50 Number is equal to 75 Number is not equal to 25, 50 or 75 Third run -: Enter a number = 75 Number is equal to 75 Number is not equal to 25, 50 or 75 Fourth run -: Enter a number = 100 Number is not equal to 25, 50 or 75
ඉහත උදාහරණයෙන් උබට පෙනෙනවා
break;
එකක තිබෙන වටිනාකම හා switch එකක ක්‍රියාකාරිත්වය.if-else
වල වගේ switch වලත් nested ආකාර පවතී. එනම් switch ඇතුලේ තව switch තිබීමට හැකිය.Example
#include <stdio.h> int main () { int number1; int number2; printf("Enter Number1 = "); scanf("%d", &number1); switch(number1) { case 10 : printf("Number1 is equal to 10"); break; case 20 : printf("Number1 is equal to 20 there for enter Number2 = "); scanf("%d", &number2); switch(number2) { case 50 : printf("Number2 equal to 50"); break; default : printf("Number2 not equal to 50"); } break; default : printf("Number1 is not equal to 10 or 20"); } return 0; }
Output
First run -: Enter Number1 = 10 Number1 is equal to 10 Second run -: Enter Number1 = 20 Number1 is equal to 20 there for enter Number2 = 50 Number2 equal to 50 Third run -: Enter Number1 = 20 Number1 is equal to 20 there for enter Number2 = 70 Number2 not equal to 50 Fourth run -: Enter Number1 = 100 Number1 is not equal to 10 or 20
මන් ඔයාලට ප්‍රශ්න කිහිපයක් දෙන්නම් උත්තරත් එක්ක උත්සහ කරලා බලන්න කරන්න පුලුවන්ද කියලා. බැරි උනොත් හරි තේරෙන් නැත්තම් හරි මට message එකක් දාන්න.
Question 1 -: Write a C program to create a simple calculator. The program should allow the user to
enter two numbers and an option. The options are+
-
*
/
You should print an appropriate error message if the user enters invalid operator. Use switch statement in your program.
Answer -: https://drive.google.com/open?id=1Osup1sSG3x60JDWd1aH9v4ked5Z8fsk0
Question 2 -: An online retailer sells five different products whose retail prices are shown in the following
table:Product number Retail price 1 2.98 2 4.50 3 9.98 4 4.49 5 6.87
Write a C program that reads the following:
- Product number
- Quantity sold for one day
Your program should use a switch statement to determine the total retail price for each product.
Answer -: https://drive.google.com/open?id=1f6ZZkLNwYe0Qds8EHzsIHxX_rayfcSzU
Question 3 -: Write a C program that compute the area of a square
(area=side*2 )
or a triangle
(area=base*height/2)
after prompting the user to type the first character of the shape(S or T)
.- Write the program using if-else statements
- Write the program using switch statement.
- Modify the program to find the area of a circle when the Letter “C” is entered.
- Modify the program to print an error message when the user enters an invalid
character.
Answer -: https://drive.google.com/open?id=1p2O7iIWCV4uRF1eR7_6dYz0gkm2i-RTR
-
මූලාශ්‍ර -: https://beginnersbook.com/2014/01/switch-case-statements-in-c/
-
C programm එකක් windows වල run කරන විදිහ --> https://bit.ly/2O6rLXR
ඔබට අවශ්‍යනම් ඔබේ බ්‍රව්සර් එක හරහා online C programms run කරන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ලින්ක්ස් මන් පහතින් දාන්නම්
- https://www.onlinegdb.com/online_c_compiler
- https://www.tutorialspoint.com/compile_c_online.php
- https://repl.it/languages/c
සරලව මුල ඉදන් C programming ඉගෙන ගන්න පුලුවන් හොදම site කිහිපයක් මන් දාන්නම්
- https://www.geeksforgeeks.org/c-programming-language/
- https://www.tutorialspoint.com/cprogramming/index.htm
https://beginnersbook.com/2014/01/c-tutorial-for-beginners-with-examples/
web url කෙටි කරන්න lankadevelopers ලා හදපු එයාලගෙම සයිට් එකක් තියෙනවා. -> https://link.lankadevelopers.com/
මගේ කලින් ලිපි
- C Programming මුල සිට ඉගෙනගනිමු(part 1 - Introduction) -: https://link.lankadevelopers.com/4WpH
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 2 - Variables) -: https://link.lankadevelopers.com/mXio
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 3 - Operators) -: https://link.lankadevelopers.com/SHNt
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 4 - Input & Output functions) -: https://link.lankadevelopers.com/2MNku
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 5 - create simple applications) -: https://link.lankadevelopers.com/KUF6
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 6 - Decision making(if-else statement - part 1)) -: https://link.lankadevelopers.com/8Xe71
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 7 - Format Specifiers in C) -: https://link.lankadevelopers.com/761PT
මන් ඊළග ලිපියෙන් කියලා දෙන්නම් Iterate(loops)statements ගැන . මගේ ලිපි වල අඩුපාඩු තියෙනවනම් දන්නේ නැති දේවල් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
තව ලිපියකින් හම්බෙමු ජය වේවා. -
-
niyamai machan, thanks
-
superb bro, thank you.