Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    C Programming මුල සිට ඉගෙනගනිමු (part 10 - do-while loop)

    Blogs
    c programming
    3
    3
    369
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Kalana
      Kalana last edited by

      සුබ දවසක් වේවා ඔයාලට. කලින් ලිපියේ මන් while loop එක ගැන කතා කලා. අද මන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ do-while loop ගැන. මෙම loop එක ගැන කතා කලොත් මෙහි කාර්‍යයද වන්නේ while loop එකේ කාර්‍ය්යම වේ. නමුත් මේ දෙකෙහි පොඩි වෙනසක් ති‍යෙනවා. ඒක ගැන මන් ඉදිරියට කතා කරන්නම්. තවද do-while loop එක තමයි අපි අඩු වශයෙන්ම භාවිතා කරන loop එක.
      පලමුව මන් මෙහි ආකෘතිය ගෙනහැර දක්වන්නම්

      do
      {
          //Statements 
          //Increment(++) or Decrement(--) operator
      }while(condition);
      

      මේ ආකෘතිය යොදා ගනිමින් 1 සිට 10 ට දක්වා ඇති සංඛ්‍යා diplay කරමු.

      #include <stdio.h>
      
      int main()
      {
          int i = 1;
          
          do
          {
              printf("%d ", i);
              i++;
          }while(i <= 10);
      
          return 0;
      }
      
      Output -: 1 2 3 4 5 6 7 8 9 10
      

      ඔබට පෙනෙනවා ඇති මෙම පිලිතුරම අපට ලැබුනා while loop එකක් භාවිතා කිරීමේදී(කලින් ලිපිය බලන්න) නමුත් do-while වල පොඩි විශේෂත්වයක් පවතිනවා. ඒ තමයි while(condition); වල ඇති condition එක පරීක්ෂා කිරීමට පෙර do එක තුල ඇති code එක run වීමයි. මන් එය පහත උදාහරණ දෙකෙන් පෙන්වන්නම්.

      while loop එකක් ක්‍රියා කරන ආකාරය

      #include <stdio.h>
      
      int main()
      {
          int i = 0;
      	
          while(i == 1)
          {
      	printf("Inside of the while loop");
          }
      	
          printf("Outside of the while loop");
      }
      
      Output -: Outside of the while loop
      
      • පලමුව අපි i වල අගය 0ට සමාන කලා. ඊට පස්සේ while එකේ condition එක බලද්දි අපගේ i වල වර්තමාන අගය 1ට සමාන නොවන නිසා while loop එක run නොවී ඒකෙන් එලියේ
        ඇති code එක run උනා.

      do-while loop එකක් ක්‍රියා කරන ආකාරය

      #include <stdio.h>
      
      int main()
      {
         int i = 0;
         
         do
         {
              printf("Inside of the do-while loop\n");
         }while(i==1);
         
         printf("Outside of the do-while loop");
      }
      
      Output -: Inside of the do-while loop
                Outside of the do-while loop
      
      • මෙහිදී ඔබට පෙනෙනවා while loop එක ආකරයෙන් නොව වෙනත් Output එකක් අපට ලැබුනා. මෙහිදී loop එක ඇතුලේ පිහිටි code එකත් run උනා. මෙයට හේතුව වන්නේ අප program එක run කල විට do-while loop එකේ මුලින්ම run උනේ do කොටසයි. condition එක අයිති කොටස පවතින්නේ අවසානයේ නිසා මෙම ක්‍රියාකාරිත්වය නිතර සිදු වේ. එම නිසා එක්වරක් loop එක ඇතුලේ ඇති code එක run වී condition එක පරීක්ෂා කරයි, එහිදී i වල වර්තමාන අගය වන 0 කිසිවිටකත් 1ට සමාන නොවන නිසා තවදුරටත් loop එක ක්‍රියා කිරීම නවතී. ඉන්පසු loop එකට පිටත ඇති code එක run වේ.

      while loop එකේදී කතා කල සියලුම දෑ මෙයටත් අදාල වන නිසා මන් තවදුරටත් මේ ගැන කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නෑ. ඔයාලට මන් ප්‍රශ්න කිහිපයක් දෙන්නම් කරලා බලන්න. එතකොට ඔයාලට තව තේරෙයි මේ ගැන.

      Question 1 -: write a C program to print 1 to 100 even numbers by using while loop.

      Question 2 -: Write a C programm to input marks of three subjects from keyboard and output the total mark and average mark using while loop.

      ඉහත දී ඇති ගැටලු දෙක මන් while loop වලදි විසදලා පෙන්නුවා ඒක බලාගෙන මේකත් කරලා බලන්න.


      • C programm එකක් windows වල run කරන විදිහ --> https://bit.ly/2O6rLXR

      ඔබට අවශ්‍යනම් ඔබේ බ්‍රව්සර් එක හරහා online C programms run කරන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ලින්ක්ස් මන් පහතින් දාන්නම්

      • https://www.onlinegdb.com/online_c_compiler
      • https://www.tutorialspoint.com/compile_c_online.php
      • https://repl.it/languages/c

      සරලව මුල ඉදන් C programming ඉගෙන ගන්න පුලුවන් හොදම site කිහිපයක් මන් දාන්නම්

      • https://www.geeksforgeeks.org/c-programming-language/
      • https://www.tutorialspoint.com/cprogramming/index.htm
      • https://beginnersbook.com/2014/01/c-tutorial-for-beginners-with-examples/

      web url කෙටි කරන්න lankadevelopers ලා හදපු එයාලගෙම සයිට් එකක් තියෙනවා. -> https://link.lankadevelopers.com/

      මගේ කලින් ලිපි

      • C Programming මුල සිට ඉගෙනගනිමු(part 1 - Introduction) -: https://link.lankadevelopers.com/4WpH
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 2 - Variables) -: https://link.lankadevelopers.com/mXio
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 3 - Operators) -: https://link.lankadevelopers.com/SHNt
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 4 - Input & Output functions) -: https://link.lankadevelopers.com/2MNku
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 5 - create simple applications) -: https://link.lankadevelopers.com/KUF6
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 6 - Decision making(if-else statement - part 1)) -: https://link.lankadevelopers.com/8Xe71
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 7 - Format Specifiers in C) -: https://link.lankadevelopers.com/761PT
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 8 - Switch Statement) -: https://link.lankadevelopers.com/7jncK
      • C Programming මුල සිට ඉගෙනගනිමු (part 9 - While loop) -: https://link.lankadevelopers.com/4TBV5

      මන් ඊළග ලිපියෙන් කියලා දෙන්නම් for loop එක ගැන . මගේ ලිපි වල අඩුපාඩු තියෙනවනම් දන්නේ නැති දේවල් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
      තව ලිපියකින් හම්බෙමු ජය වේවා.

      1 Reply Last reply Reply Quote 1
      • dev_lak
        dev_lak last edited by

        super machan... great work

        1 Reply Last reply Reply Quote 1
        • root
          root Linux Help last edited by

          superb bro

          1 Reply Last reply Reply Quote 1
          • 1 / 1
          • First post
            Last post

          0
          Online

          3.7k
          Users

          1.3k
          Topics

          5.3k
          Posts

          • Privacy
          • Terms & Conditions
          • Donate

          © Copyrights and All right reserved Lanka Developers Community

          Powered by Axis Technologies (PVT) Ltd

          Made with in Sri Lanka

          | |