Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. GeethOnion
    3. Best
    • Profile
    • Following 11
    • Followers 3
    • Topics 14
    • Posts 42
    • Best 23
    • Controversial 0
    • Groups 1

    Best posts made by GeethOnion

    • RE: ලොවම මවිත කරන අලුත්ම malware එක XHelper

      තාම solution එකක් නැති සීන් එකක් තමා තියෙන්නේ අලුතෙන් ආරන්චියක් ආවොත් දැනුවත් කරන්නම්.

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Most Important Terminal Commands For Developers

      Awesome post😍❤️

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • Linux ඉතිහාසය-I

      මේ කතාව 70 දශකය දක්වා දිවයන කතාවක්! ඉතින් ඉස්සෙල්ලාම Linux වල ඉතිහාසයට කලින් අපි unix ගැන කතා කරලා ඉමු.

      70 දශකය පටන් ගන්නවාත් එක්කම ඇමරිකාවේ මැසචුසෙට් සමාගම හා bell labs සමාගම එකතු වෙලා අලුත් ව්‍යාපෘතියක් පටන් ගත්තා.මේ ව්‍යාපෘතිය තමා අලුත්ම OS එකක් නිර්මාණය කරන එක.ඉතින් මේකේ නම උනේ Multics(Multiplexed Information and Computing Service). නමුත් අවාසනාවකට මේ ව්‍යාපෘතිය වානිජ මට්ටමින් සාර්ථක උනේ නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය අතෑරලා දාන්න මේ පරීක්ෂකයන්ට සිදු උනා.

      ඉතින් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් bell labs එකේ වැඩ කරපු කෙන් තොම්සන් ට ඕනේ උනා පරිඝණක ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්න ඉතින් මේ අදහස හින්දාම තොම්සන් space travel කියන පරිඝණක ක්‍රීඩාව නිර්මාණය කලා.ඒත් මේ game එක ඒ කාලේ තිබ්බ mainframe computers වල ඉතාමත් හෙමින් තමා ක්‍රියාත්මක උනේ. මේකට විසදුමක් විදිහට තමා 1969 වෙද්දී කෙන් තොම්සන් අලුත් මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කරන්නේ.

      මේ කටයුතු කරන්න කෙන් තොම්සන් එක්ක තවත් කෙනෙක් සම්බන්ධ වුනා ඔහු DEC(Digital Equipment Corporation) සමාගමේ මෘදුකාංග නිර්මාණය කරමින් සිටි ඩෙනිස් රිචී. පසුකාලීනව C programming language එක නිර්මාණය කරන්නත් මූලිකත්වය ගන්නෙත් මෙතුමාම තමා.

      ඊටපස්සේ මේ දෙන්නා එකතු වෙලා PD7 පරිඝණක වලට ගැලපෙන විදිහට අර OS එකේ code එක වෙනස් කරේ space travel game එක හොදට ක්‍රියාත්මක කරන්න.

      මෙතනදී බ්‍රයන් කර්නිගන් කියන පරිඝණක ශිල්පියා තමා PD7 පරිඝණක පිලිබඳ අදහස ඉදිරිපත් කරන්නේ.ඒ වගේම තමා UNIX කියන නම ඉදිරිපත් කරන්නෙත් ඔහුමයි.1971දී UNIX නාමය නිල වශයෙන් පිලිගත් අතර 1973 වෙද්දී UNIX OS එක C language එක යොදාගෙන නැවත ප්‍රතිනිර්මාණය කරා.

      ඉතින් මේ විදිහට ප්‍රසිද්ද උන UNIX OS ගැන ඉතුරු විස්තර ඊලග කොටසින් අරන් එනකන් සුභ දවසක්!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • 1
    • 2
    • 2 / 2