Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. GeethOnion
    3. Best
    • Profile
    • Following 11
    • Followers 3
    • Topics 14
    • Posts 42
    • Best 23
    • Controversial 0
    • Groups 1

    Best posts made by GeethOnion

    • Google Code In

      Google Code In කිව්වාම සමහර අය නං දන්නවා... හැබැයි ගොඩක් අය දන්නේ නෑ.දැන ගත්තත් ඒක දැනගද්දී contest එකට සහභාගී වෙන්න පුලුවං වයස ඉවර වෙලා!

      මොකද්ද මේ Code In.....

      මේක Google එකෙන් කරන online contest එකක්.අවුරුදු 13 ඉදං 17 වෙනකං ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවං ඒකට.මේකේ තමන්ට කැමති පැත්තකින් තරග කරන්න පුලුවං (Designing,Programming,Documentation ,etc.)මේකට සහභාගී වෙන්න තියෙන්නේ එක එක සංවිධාන වලින් තමන්ට කැමති එකක් තෝරගෙන තමා තරග කරන්න තියෙන්නේ මේක අවසානයේ ඒ ඒ සංවිධාන වලින් හොදම 6 දෙනෙක් තෝරනවා.එතනිනුත් දෙන්නෙකුට අවස්ථාව හම්බෙනවා ඇමරිකාවෙ තියෙන Google Head Quaters එකට නොමිලේ චාරිකාවක් යන්න.අනික් අයට limited edition Google Hoodie එකක් හම්බෙනවා.ඊට අමතරව සහභාගී වෙන ඕනෙ කෙනෙක්ට වටිනා T shirt එකක් ලැබෙනවා.

      ඇයි මේක ගැන කතා කරන්න හිතුනේ....

      2019 ජනවාරි 7 ඒ කියන්නේ ඊයේ 2018 Google Code In ජයග්‍රහණය කරපු අයගේ නම් ටික ප්‍රදර්ශනය කරලා තිබ්බා.ඒකෙදි දැක්ක එක දෙයක් නිසා තමයි මේක ගැන කතා කරන්න හිතුනේ.
      එයාලගේ සමීක්ෂත් ඒත් එක්ක google එකෙං දාලා තිබ්බා.ලංකාවෙනුත් හිටියා ජයග්‍රහණය කරපු එක්කෙනෙක්.ආයෙ Finalist උන දෙන්නෙක් හිටියා.එතකොට ඔක්කොම 3යි.හැබැයි අල්ලපු රට ඉන්දියාවේ හිටියා Grand prize winners ලා විතරක් 18ක් Finalist ලා 48ක්.ලෝකේ කිසිම රටක එහෙම count එකක් නෑ.ඉන්දියාව තමා වැඩිම.ගිය අවුරුද්දේ ත් ඕකම උනා.අපේ රටෙන් ඒ සැරෙත් හිටියේ එක්කෙනයි.

      මම කියන්න හදන්නේ අපේ රටේ දැං ඉන්නවා මල්ලිලා නංගිලා හොද වැඩ්ඩෝ නමුත් වෙලා තියෙන්නේ අපේ රටේ ඔහොම event එකක් ආවාම නිසි ප්‍රචාරන ක්‍රමයක් නැති නිසා අපරාදේ ලංකාවට එන්න තියෙන ජයග්‍රහණ නැති වෙලා යනවා..!

      මේ දේට අපිට කරන්න පුලුවං දෙයක් නැද්ද? මමත් මේක ගැන දැනගත්‍තේ යාලුවෙක් ගෙන් ඒ නිසා මටත් Finalist කෙනෙක් වෙන්න අවස්ථාවක් ලැබුනා.

      අදහසක් තියනවා නං කියන්න මොකද මේ වගේ තැනක ඇරෙන්න මෙහෙම දෙයක් කතා කරලා වැඩක් නැහැ. අපි කවුරුත් දන්නවා ලංකාවට මේකෙන් මීට වඩා තැනකට යන්න පුලුවං කියලා❤

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • App for Lanka Developers Community

      Lanka Developers Community එකට log වෙන්න එකක් තිබ්බොත් මේ එක තව ප්‍රචලිත කරන්න පුලුවන් වෙයි නේද අපිට? GitHub Repo එකක් open කරොත් අපි කාටත් එකතු වෙලා ඉතා ඉක්මනින් හදන්න නම් පුලුවන් වෙයි? Any ideas??

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • Lanka Developers Meetup

      නිකමට හිතුන දෙයක් කියන්න හිතුනා...
      මේ community එකේ meetup එකක් set උනොත් එලට තියෙයි නේද?❤️ දෙසැම්බර් වල වගේ සෙට් කරා නම් ...👌 අනික දැං Ideamart වගේ ඒවා මේ වගේ meetups වලට sponsor කරන්නත් බලං නේ ඉන්නේ❤️

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • Travel කරන අයට Google Local Guides

      වර්තමානයේ අපිට කොහේ හරි තැනක විස්තර දැනගන්න අවශ්‍ය උනාම අපි කරන්නේ google maps හරහා ඒ ස්ථානය අපි හොයලා බලන එක.ඉතින් මෙතනදී අපිට ඒ අදාල ස්ථානයේ සියලුම විස්තර ලබාගන්නත් පුලුවන් වෙනවා. සියලුම විස්තර කියන්නෙ ඒ අදාල ස්ථානයේ website එක , telephone number එක, open hours වගේ දේවල්.ඉතින් මේවා කොහොමද google map එකේ update වෙන්නෙ කියන ප්‍රශ්නය කාට හරි එනවා නම් ඒකට උත්තරේ තමයි google local guides.

      Google local guides කියන්නෙත් crowdsource වගේම google සමාගම විසින් එයාලගේ maps platform එක වැඩිදියුණු කරන්න නිර්මාණය කරපු වැඩසටහනක්. ඉතින් මේකෙත් කරන්න තියෙනේ අපි යන යන තැන් වල තොරතුරු google map එකේ update කරන එක.

      කොහොමද මේක කරන්නේ?
      ඉස්සර වෙලාම අපි google maps app එක open කරගන්න ඕනේ.

      ඊටපස්සේ වම් පැත්තේ තියෙන menu bar එකේ තියෙන “Your contributions” කියන option එකට යන්න ඕනේ.

      ඉතින් මේතනදි අපිට බලාගන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා,

              අපේ local guides level එක
              අපේ contributions ගාන
              අපි එක එක තැන් ගැන කරලා තියෙන reviews වගේ දේවල් කීපයක් අපිට මෙතනදි බලාගන්න පුලුවන් වෙනවා.
      

      ඒ වගේම තමා අපිට google maps වල add වෙලා නැති ස්ථානත් add කරන්න පුලුවන් “add a missing place” කියන option එක හරහා.

      ඇයි local guides භාවිතා කළයුත්තේ සහ ඉන් අපිට ලැබෙන වාසි
      ඇත්තටම මේක google crowdsource වගේම volunteer program එකක්. ඉතින් මේකෙන් අපිට අමතර වාසි නම් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් crowdsource වල සිංහල භාෂාව උඩට ගන්න අපි contribute කරනවා වගේම තමා maps වලත් අපි අපේ ලංකාවේ තැන් local guides වලට contribute කරලා මේ cyber world එකේ ලංකාව කැපී පේන රටක් බවට පත් කරන්න ඕනේ!

      එහෙනම් හැමෝටම Happy Contributing!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Lanka Developers Community T-shirts

      Got my T shirt todayy. It is awesome 😍 love the design sooo much. Thank you Lanka Developers Team😍❤️

      posted in Announcements
      GeethOnion
      GeethOnion
    • ලොවම මවිත කරන අලුත්ම malware එක XHelper

      ඉස්සෙල්ලාම කියන්න ඕනේ සිංහලෙන් ලියන්න හිතුවේ හැමෝටම තේරෙන්න ඕනේ නිසා. නිකං මොකටද අමරුවේ වැටෙන්නේ! හරි අපි එහෙනං කතාවට යමු…

      මේ දවස්වල internet එක පුරා පැතිර යන අලුත්ම malware එක ගැන තමා අද මම කියන්න යන්නේ. ඔබත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. කොහොම වෙතත්, අද මේ විස්තර කියන්න යන්නේ xhelper කියන malware එක ගැනයි!

      ඉතින් මේක target කරලා තියෙන්නේ නං android devices වලට! මේකේ භයානක කම කොච්චරද කිව්වොත් මේකට හැකියාව තියෙන්වා එක පාරක් device එකක install උනාට පස්සේ ඒ අදාල device එක factory reset කරත් ඒ device එකේම රැදිලා ඉන්න.හරි අපි බලමු දැන් කොහොමද මේක වැඩ කරන්නේ වගේම මේකෙන් වැළකෙන්නෙත් කොහොමද කියලා.

      මේ malware එක අපේ devices වලට එන්නේ අපි දැනුවත්ව නම් නෙමේ. මේක internet එකේ තියෙන ඕනෙම app එකක් එක්ක සම්බන්ධ කරලා තියෙන්න පුලුවන්. ඒ කියන්නේ අපි play store එක නැතුව වෙන 3rd party website එකකින් වගේ app එකක් download කරනවා නම් ඒක හරහා අපිට මේ xhelper කියන malware එකට ගොදුරු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා download කරන app එක install කරද්දී මේ xhelper කියන malware එකත් ඔයා දන්නේම නැතුවම ඔයාගේ device එකට install වෙන එක.

      මේ xhelper ට කිසිම UI එකක් වත් icon එකක්වත් නෑ! ඉතින් මේක ඔයාට Application list එකේ බලාගන්න හම්බෙන්නෙ නෑ. ඉස්සෙල්ලාම වෙන්නේ xhelper malware එක අපේ device එකේ foreground service එකක් විදිහට register වෙන එක. එහෙම කරගන්නේ memory low වෙද්දී අපි services, tasks clear කරාට ඒක stop නොවී තියෙන්න.මොන හේතුවක් උඩ හරි මේ service එක stop උනොත් නැවතත් පටන් ගන්න හැකියාවත් තියෙනවා මේ malware එකට. ඉතින් මේක නිසා මේක ඉවත් කරන්නත් හරිම අමාරුයි කියලා තමා security experts ලා නම් කියන්නේ. ඒ වගේම තමා මේක අපේ system app එකක් විදිහටත් install වෙනවා. ඉතින් එහෙම උනාට පස්සේ ඔයාලා device එක factory reset කරත් මේ xhelper ට පුලුවන්කම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව ආපහු පටන් ගන්න. ඒ වගේම තමා මේකට පුලුවන්කම තියෙනවා වෙන වෙන ඒකටඅවශ්‍ය කරන components එහෙම ඔයාගේ අනුදැනුමකින් තොරවම download කරගන්න.

      ඉතින් ඔහොම තමා xhelper එකේ ක්‍රියාකාරීත්වය නං. ඉතින් අපි දැන් බලමු මේ xhelper ගෙන් අපිට වෙන්නේ මොනවද කියලා.

      මේකෙන් malware එකට එහෙමත් නැත්තං එකේ නිර්මාණකරුවන්ට අවශ්‍ය විදිහට ඔයාලගේ device එකට ads එවන්න පුලුවන්. ඒවගේම තමා වෙනත් වෙනත් apps වගේ දේවලුත් ඔයාගේ අනුදැනුමකින් තොරව install කරන්න පුලුවන්.

      මේ ඔක්කොම වෙන්නේ settings වල developer options වල තියෙන install from unknown services කියන option එක හරහයි.ඉතින් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක off කරා නම් මේක විසදන්න පුලුවන්නෙ කියලා. නමුත් මේ malware එක හදලා තියෙන්නෙ ඒ option එක off කරත් නැවතත් on වෙන විදිහට.ඉතින් සරලවම කියනවා නම් ඔයාලගේ device එකට ඕනෑම දෙයක් install කරන්න, ඕනම setting එකක් වෙනස් කරන්න පුලුවන් තරන් මේ malware එක බලවත්.

      ඉතින් මේකෙන් වැළකිලා ඉන්න නම් දන්නේ නැති web sites, services වලින් apps සහ අනෙකුත් දේවල් download කරන එක පුලුවන් තරම් නතර කරන්න වෙනවා. ඒ වගේම තමා play store වගේ පිළිගත් සේවාවන් හරහා පමණක් apps download කරන එකත් වඩා සුදුසුයි. තවත් වැදගත් දෙයක් තමයි, device එකේ software updates මග අරින්නේ නැතුව device එක up-to date තියාගන්න එක.

      ඉතින් xhelper ගැන නම් ඔච්චර තමා කියන්න තියෙන්නෙ.

      මේවගේ තවත් විස්තර ඉස්සරහට අරන් එන්නම්. නැවත හමුවෙමු…..!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • Hacktoberfest 2019

      අද මං කතා කරන්න යන්නේ Hactoberfest 2019 ගැන.දන්න අයත් ඇති නොදන්න අයටත් දැනගන්න තමා මේක ලියන්නේ.....හරි එහෙනන් අපි වැඩේ පටං ගමු....

      මොකක්ද මේ කියන්නේ?
      Digitalocean කියන සමාගම විසින් සංවිධානය කරන online event එකක් තමා hacktoberfest කියන්නේ මේ event එක ඔක්තෝබර් මාසය පුරාම පැවැත්වෙනවා.

      මොකක්ද මේකෙන් වෙන්නේ?
      මෙයාලා මේක සංවිධානය කරන්නේ open source කියන එක ප්‍රචලිත කරන්න.ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ github එකෙන් තමන් කැමති repo 4කට PR 4ක් දාන එක.

      මොනවද අපිට මේකෙන් ලැබෙන්නේ?
      Developers ලා විදිහට අපි කවුරුත් ආස දෙයක් තමා free swags. ඉතින් මෙයාලත් අපිට එයාලගෙ event
      එක වෙනුවෙන් නොමිලේ Tshirt එකක් සහ stickers ගෙදරටම එවනවා.

      කවදා වෙනකන් මේක කරන්න පුලුවන්ද?
      මේ මාසය ඉවර වෙනකන් ඕනෙම දවසක මේකට register වෙන්න පුලුවන්.

      කොහොමද මේකට register වෙන්නේ?
      මේ ලින්ක් එකට ගිහිල්ලා වෙන්න.
      https://hacktoberfest.digitalocean.com/

      **වැදගත්
      මෙයාලා සතියක කාලයක් ගන්නවා ඔයලගෙ PR ටික check කරන්න.ඒක නිසා මම නං කියන්නේ අඩුම මේ මාසේ ඉවර වෙන්න සතියක්වත් තියලා වැඩේ ඉවර කරගන්න බලන්න.

      හරි එහෙනන් හැමෝටම සුභ පතනවා කරගන්න ලැබෙන්න කියලා!
      Happy Hacking :)

      0_1570370475414_hacktoberfest2019small.png

      posted in Events ( Free & Paid )
      GeethOnion
      GeethOnion
    • ශ්‍රී ලංකාවට Google Crowdsource!

      මොකක්ද මේ Google Crowdsource?

      Google සමාගම විසින් තමන්ගේ artificial intelligence programs වැඩිදියුනු කරගන්න එහෙමත් නැත්තම් AI programs වලට data feed කරන්න users ලගේ උදව් ලබා ගන්නවා. AI program එකකට ලැබෙන data වැඩි වෙන තරමට ඒ program එකෙන් ලැබෙන outputs වල නිවැරදිතාවය වැඩිවෙනවා.ඉතින් මේ google crowdsource කියන්නෙත් ඒ වගේ users ලගේ උදව් ලබාගන්න වැඩසටහනක් කියලා කිව්වොත් නිවරැදියි.

      මේකෙන් මොකද වෙන්නෙ ?

      මේක සරල උදාහරණයක් අරන් පැහැදිලි කරන්න පුලුවන්,

      උදාහරණය විදිහට අපි ගමු hand writing to text converter එකක්. මේකෙදි වෙන්නේ කෙනෙක් අත් අකුරෙන් ලියන දෙයක් text එකකට convert කරන එක. ඉතින් ඒ අනුව AI හරහා check කරලා බලනවා ඒ අත් අකුරට අදාල unicode character එක මොකක්ද කියලා. ඊටපස්සේ තමා text එකක් විදිහට output අපිට ලබා දෙන්නේ.ඉතින් මේ වගේ process එකකට AI software එකකට දත්ත විශාල ප්‍රමානයක් ඕනෙ වෙනවා. ඒ දත්ත සියල්ලක්ම software එකේ developers ලා විසින්ම ලබාදෙන එක අසීරු වැඩක් නිසා තමා මේ crowdsource වගේ programs කරලා අපෙන් දත්ත ලබා ගන්නේ. මේක සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා සේවයක්.

      Google crowdsource වල අපිට විවිධ category වලට contribute කරන්න පුලුවන්. ඒවා තමා,

      Image label verification-මෙතනදී කරන්න තියෙන්නෙ අපිට ලබාදෙන images වලට ඒ අදාල label එක ගැලපෙනවද කියලා () කරන්න.
      Image caption-මේකත් image label verification වගේම ටිකක් වෙනස් එකක්.
      Handwriting recognition-අත් අකුරු හදුනාගෙන type කරන්න.
      Facial expressions-මුහුනු වල තියෙන හැගීම් හදුනාගන්න.
      Translation-පරිවර්ථනය කරන්න.
      Translation validation- පරිවර්ථනය කරපු ඒවා තහවුරු කරන්න.
      ඉතින් මේ category වලින් කැමති category එකකට ගිහිල්ලා contribute කරන්න අපිට පුලුවන්.

      කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ?

      Google crowdsource program එකට අපිට contributor කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න නම් ඉස්සෙල්ලාම අපි google crowdsource app එක install කරගන්න ඕනේ. ඊටපස්සේ අපි කැමති category එකක් තෝරගෙන ඒ ඒ category එකට අදාල contributions කරන්න ඕනේ. මෙතනදී අපි කරන හැම contribution එකක්ම count වෙනවා.contributions ටික ටික වැඩිවෙද්දී අපි level up වෙනවා.

      ඉතින් ඇයි මේක මෙච්චර ලංකාවේ ප්‍රසිද්ද කරන්න හදන්නේ?
      මේකත් සරල උදාහරණයක් අරන් කියන්න පුලුවන්.

      අපි google translate භාවිතා කරනකොට අත් දකින දෙයක් තමා නිවැරදිම තේරුම ලැබෙන්නේ හරිම අඩුවෙන් කියන එක.ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙන්නේ google AI programs වලට සිංහල භාශාව ගැන දත්ත අඩුවෙන් ලැබිලා තියෙන නිසා.

      මෙන්න මේ වගේ දේවල් ඉදිරියට හරි නිවැරදි කරගන්න තියෙන එකම් ක්‍රමේ තමා google crowdsource. මොකද කිව්වොත් ජාත්‍යන්තර භාශා වැඩි දියුනු කරන්න ලෝකේ ඕනේම කෙනෙක්ට පුලුවන් නමුත් cyber අවකාශයේ සිංහල භාශාව වැඩිදියුනු කරන්න පුලුවන් ලංකාවේ අපිට විතරයි.

      එහෙනම් හැමෝටම Happy Crowdsourcing!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • ශ්‍රී ලංකාවේ wall arts ඔක්කොම එකම තැනකින්

      පහුගිය දවස්වල ලංකාව පුරාම පැතිර ගියපු රැල්ලක් තමා තාප්ප වල චිත්‍ර අදින එක.ගොඩක් තරුණයෝ ගොඩක් උනන්දුවෙන් තමා මේ චිත්‍ර අදින කාර්‍යය කරන් ගියේ.රට පුරාම විවිධ ආකාරයේ අලංකාරාත්මක චිත්‍ර අපි දැක්කා සමාජ මාධ්‍ය හරහා. නමුත් අපිට බලාගන්න බැරි වුණු චිත්‍රත් කොච්චර තියෙන්න ඇත්ද?

      ඉතින් ඒ දේට විසදුමක් විදිහට තමා https://helapawura.com/ නිර්මාණය වෙන්නේ. මේ වෙබ් අඩවිය ඔස්සේ අපිට ලංකාව පුරාම තාප්ප වල ලස්සන ලස්සන සිතුවම් බලාගන්න පුලුවන්! ඒ විතරක් නෙමේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන සිතුවමුත් මේකට upload කිරීමේ හැකියාවත් තියෙනවා.

      කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ?
      ඉස්සරවෙලාම https://helapawura.com/ එකට ගිහිල්ලා එතන තියෙනවා upload your art කියලා button එකක්. ඒක click කරාට පස්සේ තමන්ගේ facebook ගිණුම හරහා login වෙලා තමන්ගේ ප්‍රදේශය select කරලා සිතුවම තියෙන ස්ථානය තෝරලා ඡායාරූප ටික upload කරන්න.ඉතින් මේකෙත් අපි කරන contributions count වෙනවා.වැඩිම contribute කරපු අයව top contributors කියලා වෙනම website එක තුලම display කරලා තියෙනවා.ඉතින් මේකේදී තවත් ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒකතමා තමන් ඇදපු චිත්‍රයම upload කරන්න ඕනෙ කියලා එකක් නෑ. අපිට පුලුවන් අපි යන එන ගමන් දකින ඕනෙ wall art එකක් upload කරන්න.

      ඒ වගේම තමා මේ website එකට ගියාට පස්සේ එනවා පොඩි prompt එකක් add to home screen කියලා. ඉතින් ඒක හරහා අපි අපේ home screen එකට මේක add කරගත්තොත් හෙලපවුර website එක web app එකක් විදිහට අපේ device එකට install වෙනවා (ඉතාම සුලු ඉඩ ප්‍රමාණයක). ඉතින් මේක හරහා අපිට අපි යන එන තැන් වල wall arts contribute කරන්න website එකට යන්නම අවශ්‍ය වෙන්නෙත් නෑ.

      මොකක්ද මේකෙන් වෙන්නේ?
      හෙලපවුර කියන එක online කලාගාරයක් කියලා කියන්න පුලුවන්. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ දේ ජාත්‍යන්තරයට අරන් යන එක. ඒ නිසාම තමා මේක google crowdsource වගේ users ලගේ contributions මත වැඩි දියුනු වෙන්න නිර්මාණය කරලා තියෙන්නේ.මොකද අපි හැමෝගෙම නිර්මාණ වෙන වෙනම එකතු උනාම ඒක ලස්සන එක නිර්මාණයක් විදිහට ලෝකයට අරන් යන්න පුලුවන් නිසා.

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • SLT Routers

      SLT router එකේ තියෙන අපේ Internet login account එක වෙන router එකක use කරන්න පුලුවන්ද?

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • Gmail වල important emails හදුනාගන්නේ මෙහෙමයි

      අද වෙද්දී ලෝකයේ ප්‍රචලිතම email service එක විදිහට අපිට Google සමාගමෙන් අපිට ඉදිරිපත් කරන gmail හදුන්වන්න පුලුවන්. ඉතින් මේ gmail වල ඔයාලා දැකලා ඇති සමහර email වල important කියලා පුංචි mark එකක් වැටිලා තියෙනවා.හැබැයි සමහර ඒවාගේ එහෙම නැති වෙන අවස්ථාත් තියෙනවා.

      මොකක්ද මේකට හේතුව….? සමහර ඒවා mark වෙන්නයි සමහර ඒවා mark නොවෙන්නයි….

      අපි බලමු ඇයි ඒ කියලා….

      Gmail service වලින් ඉතාමත් විශේෂ ආකාරයකට තමා මේ important mails හදුනා ගන්නේ.ඒකට එයාලා භාවිතා කරන්නේ අපි එක එක email වලට දක්වන ප්‍රතිචාර.ඒවා තමා,

      අපි කාටද නිතර නිතර email යවන්නෙ
      අපි මොනවගේ emails ද open කරලා බලන්නේ
      අපි නිතරම කියවන emails වල තියෙන පොදු keywords
      අපි එදිනෙදා කටයුතු වලදී star කරන්නේ, archive කරන්නේ සහ delete කරන්නේ මොන මොන වගේ emails ද කියන එක.
      මේ email එක අපිට විතරක්ම එවපු එකක් නම්.
      අපි කලින් අපිට මේ email address එකෙන් ආපු email එකක් important කියලා mark කරලා තියෙනවානම්
      Email එක තුල මොනවාහරි links අඩංගු වෙලා තියෙනවා නම් ඒවාගැන විස්තර
      ඔන්න ඔය වගේ දත්ත තමා gmail services වලින් අපෙන් එකතු කරගන්නේ, අපිට එන email එකක් අපිට important ද නැද්ද කියන එක තීරණය කරගන්න.

      මේවගේ විශේෂ කාර්යන් කරන්නේ මිනිස්සු නම් නෙමේ. මේ වගේ වැඩ කරන්නම සකසපු කෘතීම බුද්ධි වැඩසටහන් තමා වර්තමානයේ මේ කාර්යයට භාවිත කරන්නේ. මෙන්න මේ කාර්යය කරන විශේෂ ඇල්ගොරිතමයට කියන්නේ Google magic sauce කියලා.

      ඉතින් මේකෙදි ඇත්තටම කරන්නේ අපෙන් එකතු කරන දත්ත මේ කෘතීම බුද්ධි වැඩසටහන් මගින් විශ්ලේෂණයකට ලක් කරනවා.ඊටපස්සේ තමා අපිට එන emails අපිට වැදගත් ද නැද්ද කියලා පෙන්නන්නේ.මේකෙදී සමහර හේතු නිසා කෘතීම බුද්ධි වැඩසටහන් වලට මගහැරෙන අවස්ථාත් තියෙනවා.ඒක වෙන්නේ ඒ වැඩසටහනේ දෝෂයක් නිසා එහෙම නෙමේ.අපිට email එක එවන කෙනා විසින් කරන යම් යම් අතපසු කිරීම් නිසා සහ ඉහත කියපු කරුණු සම්පූර්ණ කරලා නැති නිසා.

      දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් gmail services වලින් අපේ දත්ත බලනවා නේද කියලා.

      කෙනෙක්ට එහෙම හිතෙනවා නම් මේ පහසුකම අක්‍රීය කරන්නත් පුලුවන්කම gmail වලින්ම හඳුන්වලා දීලා තියෙනවා.

      ඒකට කරන්න තියෙන්නේ gmail වල settings වලට ගිහිල්ලා ඒකේ Inbox කියන එකට ගිහිල්ලා එහි සඳහන් විදියට පියවර අනුගමණය කරන එක

      මේ ගැන තව කතා කරනවා නම් gmail විසින් අපිට යම් කිසි email එකක් important කියලා mark වෙලා තියෙන්නේ ඇයි කියලත් බලාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ importance mark එක උඩට mouse pointer එක ගෙනියන එකයි.

      මේවගේ තවත් විස්තර ඉස්සරහට අරන් එන්නම්. නැවත හමුවෙමු…..!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Hacking websites with SQL Injection 💉

      Awesome😍

      posted in Information Security
      GeethOnion
      GeethOnion
    • මොනවද මේ RANSOMWARE?

      Ransomware ගැනත් english post නම් ඕනේ තරම් තියෙන්වා ඒත් cyber ලෝකයේ අපි හැමෝම මේ ransomware ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ නිසා තේරෙන සිංහලෙන්ම කියන්නම් ransomware කියන්නෙ මොනවද කියලා.

      Ransomware වලින් මොනවද වෙන්නේ ?
      මේකෙන් වෙන්නේ අපේ PC එකේ තියෙන files ඔක්කෝම encrypt වෙන එකයි. ඉතින් ඊටපස්සෙ ඒවා නැවත decrypt කරන්න අපෙන් එයාලා යම්කිසි මුදලක් ඉල්ලනවා. ඒක අපිට අනුව නම් ලොකු ගානක්! ඒවගේම තමා මේක අපි ගෙවන්න ඕනෙ bitcoin වලින්.ඉතින් ඇත්තටම මේ අපේ files decrypt කරන්න නම් ransomware එකේ හිමිකරුවන්ගෙන් ඒකට අදාල decryption key එක ඉල්ලගන්න ඕනේ. ඒක කරන්න තමා එයාලා අපෙන් මුදලක් අය කරන්නේ.

      කොහොමද මේ ransomware එක වැඩ කරන්නේ.

      මේ ransomware කියන්නෙත් malware වලම එක වර්ගයක් තමා! ඉතින් මේක අපිට විවිධ විදිහට හම්බේන්න පුලුවන් උදාහරණ කියනවානම් ,

      Email attachment එකක් විදිහට
      Software එකකට embed කරලා
      එක එක නීත්‍යානුකූල නොවන දේවල් කරද්දි(Cracks,Patch)
      වගේ දේවල් ගන්න පුලුවන්.

      මේක ඇත්තටම වැඩ කරන්නේ මෙහෙමයි

      මුලින්ම අපේ PC එකේ administrator rights යටතේ මේක run වෙනවා ඒක වෙන්නෙ කොහොමද කියනවා නම් අපි මොකක් හරි software එකක් open/install කරද්දි “Allow windows to make changes to this computer” කියන dialog එකට OK කරා කියන්නෙ අපි දැනුවත්ව හෝ නොදැන අපි ඒ ransomware එකට අපේ PC එකේ administrator permission දෙනවා කියන එක.

      ඉතින් ඊටපස්සේ admin permission නිසා මේ ransomware එකට පුලුවන් වෙනවා system හැර අනික් සියලුම files encrypt කරන්න.මෙතනදී ransomware එක තමන්ගේ නම file extension එක හැටියට යොදාගෙන තමා encrypt කරන්නේ.

      උදාහරණයක් කියනවා නම්,

      Osiris කියන ransomware එක files encrypt කරන්නේ .osiris කියන extension එක use කරලා. ඉතින් මේ extension එකෙන් තමා අපිට හොයාගන්න වෙන්නෙ මොන ransomware එකද අපේ PC එකට infect වෙලා තියෙන්නෙ කියලා.

      ඊටපස්සේ මේ ransomware මගින් පොඩි note එකක් user ට ඉදිරිපත් කරනවා.ඒක තමා මුදල් අය කරන එක ගැන සහ decrypt කරන හැටි ගැන තියෙන document එක.ඉතින් මේකේදී hacker ව හොයාගන්න බැරි වෙන්න එයාලා ඉදිරිපත් කරන්නේ bitcoin wallet address එකක්.ඉතින් අපිත් මුදල් තැන්පත් කරන්න ඕනේ bitcoin වලින්මයි.

      සල්ලි දුන්නේ නැත්තන් මොකද වෙන්නේ ?
      මේ අවස්තාවෙදී දේවල් කිහිපයක්ම වෙන්න පුලුවන් ,

      1.එයාලා නියමිත කාලය අවසන් උනාම user ගේ files සදහටම encrypt කරනවා.වෙන විදිහකට කියනවා නම් user ගේ files වල decryption key එක delete කරනවා.

      2.PC එක bot net එකක zombie computer එකක් විදිහට use කරනවා.(botnet ගැන ඊලග article එකෙන් කියන්නම්)

      එහෙම උනාට පස්සේ ආපහු recover කරගන්නම බැරිද?
      මේ දේත් ransomware එකෙන් ransomware එකට වෙනස් වෙනවා.Ransomware පැතිරෙනවාත් එක්කම ලෝකේ security experts ලත් මේකට විසදුම් හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ විදිහට එක එක experts ලා විසින් විවිද ransomware වල decryption methods හොයාගෙන ඒකට අදාල software නිර්මාණය කරලා ඒ ඒ ransomware infect උන අයට නොමිලේම තමන්ගේ files recover කරගන්න අවස්ථාව සලසලා තියෙනවා. මෙතනදිත් හැබැයි අලුතෙන් නිකුත් වෙන ransomware වලට solution එකක් එන්න කල් යනවා.

      මේකෙන් ආරක්ශා වෙලා ඉන්න මොනවද කරන්න ඕනේ?
      නොදන්න sources වලින් download කරපු දෙයක් open/install කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ (උදා:- torrents)
      Anti-virus software up-to date තියාගන්න ඕනේ.
      Infect උන PC එකක් server එකක තියෙනවා නම් ඒක server එකෙන් වහාම ඉවත් කරන්න ඕනේ.
      ඉතින් මේවා තමා අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග.

      එහෙනන් botnet ගැන article එකෙන් හම්බෙමු.

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Lanka Developers Community T-shirts

      @shazz-mhd I won it from that free giveaway ❤️

      posted in Announcements
      GeethOnion
      GeethOnion
    • මොනවද මේ botnet? (Part 1)

      මොනවද මේ botnet?

      ඇත්තටම කියනවා නම් ගොඩක් අය අහලා නැති වචනයක් තමා මේ botnet කියන්නේ.ඉතින් මේ bot කියන නම එන්නේ robot කියන වචනෙන් bot කියන කෑල්ල භාවිතා වෙලා.මෙතනදි අපි කතා කරන්නේ robot ලා ගැන නම් නෙමේ! Bot programs ගැන… Bot program එකක් යොදාගෙන හදාගන්න network එකක් තමා bot net කියන්නේ. ඉතින් bot net නිර්මාණය කරන්නේ ඉතාමත් දක්ශ hackers ලා විසින්!

      මොනවද Bot net වලින් කරන්නේ?

      Robot program එකක ඉස්සර වෙලාම කරන්නේ අපේ පරිඝණකයට trojon වැඩසටහනක් වගේම අපේ අනුදැනුමකින් තොරව install වෙනවා! ඉතින් ඊටපස්සේ ක්‍රමයෙන් පරිඝණකය තම අනසකට ගැනීමට මේ program එකට හැකියාව ලැබෙනවා! මේ විදිහට පරිඝණක රාශියක් එකතු කරගෙන හදාගන්න network එකක් තමා bot net කියන්නේ. මේ විදිහට හදාගන්න bot net එකේ තියෙන පරිඝණක හදුන්වන්නේ zombie PC s කියලා.මොකද මෙතනින් එහාට පරිඝණකය භාවිතා වෙන්නේ hacker ට උවමනා විදිහට! නමුත් මෙතනදී මේ කිසි දෙයක් user ට නොදැනෙන්න තමා සිද්ද වෙන්නේ. User ට තමන්ගේ එදිනෙදා වැඩ කිසිම ගැටලුවකින් තොරව කරගන්නත් පුලුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් user ට දැනෙන්නෙත් නැත්තම් කොහොමද මේක zombie PC එකක් වෙන්නේ කියලා? මෙතනදී hacker විසින් භාවිතා කරන්නේ අපේ PC එකේ processing power එක වගේ දේවල්. ඉතින් මේවා යොදාගෙන කරන්න පුලුවන් දේවල් ගැන කියනවා නම්,

      • Bit coin mining

      • විශාල ප්‍රමාණයේ DDOS Attacks

      • විශාල වශයෙන් spam email යැවීමට.

      Bot net ගැන තව විස්තර ගොඩාක් කියන්න තියෙනවා. ඒ නිසා අපි මේ ලිපි මාලාවේ තවත් කොටසකින් හමුවෙමු! එතකන් සමුගන්නම්!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Android සිංහලෙන් Video Series

      ජය වේවා! දිගටම කරන් යන්න!

      posted in Android Development
      GeethOnion
      GeethOnion
    • RE: Congratulations to our top users

      Congratz All :smile:

      posted in Announcements
      GeethOnion
      GeethOnion
    • RE: C Programming මුල සිට ඉගෙනගනිමු(part 1 - Introduction)

      සිරාවටම සුපිරි !!! දිගටම කරන් යන්න. ජය!

      posted in Blogs
      GeethOnion
      GeethOnion
    • RE: Google Code In

      මේ අවුරුද්දේ තමා ඒක කරන්න හොදම අවුරුද්ද.Mentors ලා එක්ක එකතු වෙලා කරන්න පුලුවං නේ අපිට.මං හිතන විදිහට මේ community එකෙං අපිට mentors ලා හම්බෙයි තව ඉස්සරහට

      posted in General Discussion
      GeethOnion
      GeethOnion
    • RE: Telegram bot එකක් අපිම හදාගන්නෙ මෙහෙමයි

      Great post! ;)

      posted in AI Programming
      GeethOnion
      GeethOnion
    • 1
    • 2
    • 1 / 2