C Programming මුල සිට ඉගෙනගනිමු (part 4 - Input & Output functions)
-
සුබ දවසක් ඔයාලට. කලින් දවසේ මන් ඔයාලට කියලා දුන්නා operators කියන්නේ මොනාද ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා. අද මන් කියලා දෙන්න යන්නේ C programming වල එන Input & Output
function ගැනයි.- Input -: සරලව පැහැදිලි කලොත් programm එකකට දත්ත ඇතුලත් කිරීමට තමා අපි Input එකක් කියලා කියන්නේ.
- Output -: සරලව කිව්වොත් යම්කිසි දත්තයක් අපේ screen එකේ display කරන functions වලට තමා Output function කියලා කියන්නේ.
C programming වල අපි Input & Output functions වර්ග තුනක් ගැන කතා කරනවා.
1.getchar()
andputchar()
2.gets()
andputs()
3.scanf()
andprintf()
getchar() and putchar()
- getchar() -: මෙම function එකෙන් එක්වරකට එක character value එකක් පමණක් Input කර ගනී.
- putchar() -: මෙම function එකෙන් එක්වරකට එක character value එකක් පමණක් Output කරයි
උදා -:
#include <stdio.h> int main() { int c; printf( "Enter a value :"); c = getchar( ); //මෙහිදී අපට අවශ්‍ය දත්තය keyboard එක ආධාරයෙන් Input කල යුතුය. printf( "\nYou entered: "); putchar( c ); //මෙහිදී අප කලින් keyboard එකෙන් Input කල දත්තය අපගේ පරිගණක තිරයේ display කරයි. return 0; }
output(1st run) -: Enter a value : aaaa You entered: a //ඔබ කෙතරම් characters ප්‍රමානයක් Input කලත් Output වන්නේ එක a එකක් පමනි. output(2nd run) -: Enter a value : 1111 You entered: 1
gets() and puts()
arrays භාවිතා කර Input හා Output කිරීමට මෙම function දෙක යොදා ගනී.උදා -:
#include <stdio.h> int main( ) { char comment[100]; printf( "Enter a value :"); gets(comment); //මෙහිදී අපට අවශ්‍ය දත්ත keyboard එක ආධාරයෙන් Input කල යුතුය. printf( "\nYou entered: "); puts(comment); ////මෙහිදී අප කලින් keyboard එකෙන් Input කල දත්ත අපගේ පරිගණක තිරයේ display කරයි. return 0; }
output(1st run) -: Enter a value : kalana123 You entered: kalana123
- scanf() and printf()
C programming වල අප වැඩියෙන්ම Input & Output සඳහා භාවිතා කරන්නේ මෙමෙ function දෙකයි. ඉහත සදහන් කල සියලුම දේවල් මෙම function දෙකෙන් ලේසියෙන්ම කරගන්න
පුලුවන් නිසා තමා මෙම function දෙක නිතරම අපි භාවිතා කරන්නේ.උදා -:
#include <stdio.h> int main( ) { int num; float height; char letter; char word[10]; printf("Enter a number = "); scanf("%d", &num); printf("Enter a height = "); scanf("%f%*c", &height); // මෙහිදී %f ට පසුව %*c යොදන්නේ ඊළගට ඇත්තේ char Input එකක් නිසායා. නැතහොත් අපට char අගයක් Input කල නොහැක. // සෑම විටම scanf("%c",) පෙර ඇති scanf එකකටම මෙමෙ %*c යෙදිය යුතු වේ. printf("Enter a letter = "); scanf("%c", &letter); printf("Enter a word = "); scanf("%s", &word); printf("\nNumber is = %d\n", num); printf("Height is = %f\n", height); printf("Letter is = %c\n", letter); printf("Word is = %s", word); }
output -: Enter a number = 1996 Enter a height = 2.22 Enter a letter = a Enter a word = kalana123 Number is = 1996 Height is = 2.220000 Letter is = a Word is = kalana123
සාරාංශය
scanf("%d", &xx);
-: Integers(int) Input කිරීමට මෙය යොදා ගනී. xx යනු ඕනෑම variable එකකි.scanf("%f", &xx);
-: Float numbers(float) Input කිරීමට මෙය යොදා ගනී.scanf("%c", &xx);
-: Charachter values(char) Input කිරීමට මෙය යොදා ගනී.scanf("%s", &xx);
-: String(char arrays) values Input කිරීමට මෙය යොදා ගනී.
මූලාශ්‍ර -: https://www.tutorialspoint.com/cprogramming/c_input_output.htm
C programm එකක් windows වල run කරන විදිහ --> https://bit.ly/2O6rLXR
ඔබට අවශ්‍යනම් ඔබේ බ්‍රව්සර් එක හරහා online C programms run කරන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ලින්ක්ස් මන් පහතින් දාන්නම්
- https://www.onlinegdb.com/online_c_compiler
- https://www.tutorialspoint.com/compile_c_online.php
- https://repl.it/languages/c
සරලව මුල ඉදන් C programming ඉගෙන ගන්න පුලුවන් හොදම site දෙකත් මන් දාන්නම්
- https://www.geeksforgeeks.org/c-programming-language/
- https://www.tutorialspoint.com/cprogramming/index.htm
මගේ කලින් ලිපි
- C Programming මුල සිට ඉගෙනගනිමු(part 1 - Introduction) -: https://bit.ly/2O6rLXR
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 2 - Variables) -: https://bit.ly/2spD6Kn
- C Programming මුල සිට ඉගෙනගනිමු (part 3 - Operators) -: https://bit.ly/2ruMH22
කලින් ලිපි වල වගේ මේ ලිපියෙත් ඉල්ලනවා අඩු පාඩු තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්න. තව වැඩි දියුණු වෙන්න ඕන ඒවා තියෙනවනම් ඒවත් දාන්න.
-
Supiri bro . Kalin parts tikath link karanna aluth ewath ekka .
-
great bro...
-
Superb bro, මේ කරපු ඒවා ටික use කරලා පොඩි application එකක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි
-
@ciaompe application එකක් කියලා කිව්වේ. පොඩ්ඩක් පැහැදිල කරන පුලුවන්ද
-
@Kalana-Eranda-Jayasuriya
podi app ekak kiuwe, data input karala manipulate karana podi programe ekak
-
@ciaompe එල මන් කිහිපයක්ම දාන්නම්.තෑන්ක් යූ