Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    C Programming මුල සිට ඉගෙනගනිමු(part 1 - Introduction)

    Blogs
    c programming windows
    8
    9
    1170
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Kalana
      Kalana last edited by Kalana

      මේ මගේ පලවෙනි පෝස්ට් එක, ඒ නිසා අඩුපාඩු ඇති, සමාවෙන්න අඩුපාඩු තිබ්බොත්. මන් කෙලින්ම කතාවට බහින්නම්. මොකක්ද මේ C Language කියන්නේ.

      චාල්ස් බැබේජ් පරිඝනකය සොයා ගත් කාලයේ සිට මේ දක්වා මෘදුකාංග නිර්මාණය සදහා විවිධ වූ පරිඝනක භාශා භාවිතා කලා. මෙම පරිඝනක භාශා සංකීර්ණත්වය අනූව කොටස් දෙකකට බෙදා වෙන්කර තිබෙනවා.

      	1. Low-level programming languages
      			- Machine Language(1 හා  0  සමන්විත භාශාව)
      				උදා -: 110110, 111000110
      			- Assembly Language
      			
      	2. High-level programming languages(අපි කතා කරන  C Language එකත් අයිති වෙන්නේ මේකට තමා)
      

      මේ කොටස් දෙක ගැන වැඩි විස්තර අවශ්‍යනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මන් දැන් මාතෘකාවට එන්නම්.

      • C Language එක මේ තියන තත්වෙට ගෙනාවේ Dennis Ritchie(සොයා ගත් වර්ශය - 1972) විසින්. ඒ BCPL සහ B භාශා දෙක උපයෝගී කරගනිමින්.

      • මෙම භාශාව ගොඩක් දෙනා හඳුනන්නේ UNIX operating system එක develop කරන භාශාවක් ලෙසයි.

      අපි C Language එකේ origin එක යම් තරමකට දැන ගත්තනේ. අපි දැන් පොඩි code එකක් ලියමු C වලින්.

      ඔයා windows user කෙනෙක්නම් මේ පියවරවල් වලට කරන්න.

      පලමු පියවර -: ඔයා ඔයාගේ Desktop එකට ගිහින් ඒක උඩ right-click කරන්න.

      • ඊට පස්සේ new වලට ගිහින් Text Document එකක් create කරන්න.
      • දැන් ඒ Text Document එක rename කරන්න First.c විදිහට.
        උදා -: New Text Document.txt ----> First.c

      දෙවන පියවර -: දැන් ඒ ෆයිල් එක උඩ double click කරන්න. අපි දැන් හදන්නේ අපිට run කරන්න අව්ශ්‍ය code එක ෆයිල් එක ඇතුලේ ටයිප් කරන්නයි

      • අපිට සෙල්ලම් කරන්න ඕන උනාම අපි කරන්නේ පිට්ටනියට යන එක ඒ වගේ තමා C run කරන්නත් අපිට පිට්ටනියක් අවශ්‍ය වෙනවා. මම දැන් හදන්නේ ඒ අවශ්‍ය කරන පිටිය හදන්නයි.
      #include<stdio.h>
      
      int main(void)
      { 
          printf("Hello World");
      
          return 0;		
      }	
      
      • int main(void){ } -: මේක තමා අපේ main function එක. මේක ඇතුලේ තමා සේරම code ලියන්නේ. මේක තමා අපේ පිට්ටනිය සරලවම කිව්වොත්.

      • printf("Hello World"); -: මේක තමා අපේ code එක. මේකෙන් වෙන්නේ මේ file එක run කලාම Hello World කියන එක අපිට පේන්න display කරන එක.
        Hello World කියන එක හරියට පිට්ටනියේ සෙල්ලම් කරන ලමයි වගේ.
        printf(); කියන්නේ ලමයි සෙල්ලම් කරන ක්‍රිකට් පිත්ත වගේ.

      • #include<stdio.h> -: මෙයා තමා printf(); අයිති කරන් ඉන්න library එක. printf(); වගේ තව ඒවා මෙයා අයිති කරන් ඉන්නවා. ඉස්සරහට ඒ ගැන කියන්නම්.
        මෙයා හරියට ක්‍රිකට් පිත්තේ අයිතිකාරයා වගේ. මෙයා නැත්තම් ලමයින්ට ක්‍රිකට් ගහන්න බෑ. මොකද පිත්ත අයිති එයාටනේ.

      • return 0; -: මෙයා තමා programm එකට දිගටම run වෙන්න දෙන් නැතුව terminate කරන්නේ. හරියට ඉන්ටර්වල් ඉවරයි කියලා ගහන බෙල් එක වගේ. මේක ගැහුවට පස්සේ
        ලමයි සෙල්ලම නවත්තලා පන්තිවලට යනවා නැත්තම් දිගටම සෙල්ලම් කරනවා.

      මන් හිත්නවා මන් කිව්ව දේ තේරෙන්න ඇති කියලා ඔයාලට. උඩ තියෙන code එක ටයිප් කරලා ඉවරනම් ඒක දැන් save කරලා ෆයිල් එක close කරන්න.

      වැදගත්
      ඔයා linux user කෙනෙක්නම් ඔයාට linux වල එන terminal එකේ C programs run කරන්න පුලුවන්.

      ඔයාට C programs, windows වල run කරන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනා. ලින්ක් එක -: https://sourceforge.net/projects/tdm-gcc/ ඕක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරද්දි දිගටම next දීගෙන යන්න.

      තුන්වන පියවර -: දැන් ඔයාගේ cmd(comand prompt) එක run කරන්න, task bar එකේ cmd කියලා සර්ච් කලාම එනවා.

      • මම මගේ ෆයිල් එක Desktop එකේ හදපු නිසා එතනට navigate කරන්න මට සිද්ධ වෙනව. Desktop එකට navigate කරන්න මේ පියවර අනුගමනය කරන්න.
       C:\Users\User>cd Desktop
       C:\Users\User\Desktop>
      
      • ඔයාලට පේනවා අපි දැන් ඉන්නේ Desktop එකේ ආයේ Back යන්න ඕනා උනොත් cd .."කියලා ටයිප් කරන්න

      හතරවන පියවර -: දැන් කරන්න යන්නේ අපි අපේ ෆයිල් එක compile කරන එක. compile කරන එකෙන් වෙන්නේ අපේ code එකේ කෙහේ හරි වැරද්දක් තිබ්බොත් ඒක comand prompt එකේ display
      කරන එක වැරද්දක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ compile errors නෑ කියන එකයි.

      • දැන් compile කරන්න මේ command එක ටයිප් කරන්න.
        gcc -o first(first වෙනුවට ඔයාලට කැමති ඕනම නමක් දෙන්න පුලුවන්) First.c
        C:\Users\User\Desktop>gcc -o first First.c

      පස්වන පියවර -: compile errors නැත්තම් දැන් ඔයාලට First.c ෆයිල් එක run කරන්න පුලුවන්. run කරද්දි එන errors වලට කියන්නේ runtime errors කියලා

      • දැන් run කරන්න මේ command එක ටයිප් කරන්න.
        C:\Users\User\Desktop>first

      අපි මේ කලේ සරල C programm එකක් windows වල run කරපු එකයි. අපි දැන් මෙතෙක් කරපු සාරාංශය බලමු.

      සාරාංශය

      • Desktop එකේ New Text Document එකක් හදලා ඒ ෆයිල් එක rename කරන්න First.c විදිහට.

      • First.c උඩ ඩබල් ක්ලික් කරලා මේ code එක ලියලා ෆයිල් එක save කරන්න.

      #include<stdio.h>
      
      int main(void)
      { 
          printf("Hello World");
      
          return 0;
      }	
      
      • comand prompt එක open කරලා මේවා පිලිවෙලට run කරන්න
      C:\Users\User>cd Desktop
      C:\Users\User\Desktop>gcc -o first First.c
      C:\Users\User\Desktop>first
      

      වැඩිදුර කරුණු

      ඔබට කැමති තරම් printf(); ප්‍රමාණයක් ටයිප් කරන්න පුලුවන්. වචන පහලින් පහලට ලිවීමට අවශ්‍ය නම් \n සංකේතය ඔබට වෙන්කිරීමට අවශ්‍ය ස්තානයට යොදන්න
      උදා -:

      printf("Hello World \n");
                           ^
      printf("Hello \n World");
                     ^
      

      output -:

      Hello World
      Hello
      World
      

      ඔබට අවශ්‍යනම් ඔබේ බ්‍රව්සර් එක හරහා online C programms run කරන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ලින්ක්ස් මන් පහතින් දාන්නම්

      • https://www.onlinegdb.com/online_c_compiler
      • https://www.tutorialspoint.com/compile_c_online.php
      • https://repl.it/languages/c

      සරලව මුල ඉදන් C programming ඉගෙන ගන්න පුලුවන් හොදම site දෙකත් මන් දාන්නම්

      • https://www.geeksforgeeks.org/c-programming-language/
      • https://www.tutorialspoint.com/cprogramming/index.htm

      මේකේ අඩුපාඩු තියෙනවනම් ඒවා නිවැරදි කරගන්න මට උදව් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. මේ article එක ඉස්සරහට කරන් යන්න ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා!

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        නියමයි bro දිගටම කරගෙන යන්න

        Kalana 1 Reply Last reply Reply Quote 1
        • imadusanka
          imadusanka last edited by

          නියමයි බ්‍රෝ 💪

          1 Reply Last reply Reply Quote 1
          • dev_lak
            dev_lak last edited by

            නියමයි bro දිගටම කරගෙන යන්න

            1 Reply Last reply Reply Quote 1
            • Kalana
              Kalana @root last edited by Kalana

              Thank you all

              1 Reply Last reply Reply Quote 0
              • GeethOnion
                GeethOnion last edited by

                සිරාවටම සුපිරි !!! දිගටම කරන් යන්න. ජය!

                1 Reply Last reply Reply Quote 1
                • ciaompe
                  ciaompe last edited by

                  good article, keep it up

                  1 Reply Last reply Reply Quote 1
                  • Thilina Dilanka Jayasuriya
                    Thilina Dilanka Jayasuriya last edited by

                    This post is deleted!
                    1 Reply Last reply Reply Quote 0
                    • Nubelle
                      Nubelle Web Development last edited by

                      niyamy brooo

                      1 Reply Last reply Reply Quote 0
                      • 1 / 1
                      • First post
                        Last post

                      0
                      Online

                      3.7k
                      Users

                      1.3k
                      Topics

                      5.3k
                      Posts

                      • Privacy
                      • Terms & Conditions
                      • Donate

                      © Copyrights and All right reserved Lanka Developers Community

                      Powered by Axis Technologies (PVT) Ltd

                      Made with in Sri Lanka

                      | |